වයස 88 දී සාමාන්‍ය පෙල දෙමල භාෂාව විභාගයට පෙනීසිටි ගුරු මිත්තණිය….

https://www.youtube.com/embed/y_9i4g49ueo?si=frf1nRYwO9HHdeq6″ title=

විදුලි බල ඇමතිගේ ගමේ දින හතරක් තිස්සේ විදුලිය නෑ..ජනතාවගෙනුත් සැර කතා අහන්න ලැබෙයි…..

https://www.youtube.com/embed/QSrFKpQ45Yo?si=jOy5wibi0HEws8OJ” title=

ණය කියන්නේ හරියට සමහර ගෑණු ළමයි වගේ, හොඳට ඉන්නකම් හොඳයි, නරක් වුණොත් නරකටම නරකයි – සුනිල් හඳුන්නෙත්ති

මෙරට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ණය අර්බුදයකට මුහුණ දී සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

රට තුළ පැවති අර්බුදයන් සහ අසංවිධානාත්මක ව්‍යාපාර කර්මාන්ත ක්‍රමයත් හේතුවෙන් ‍රට තුළ ව්‍යාපාර කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිඳ වැටී ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ව්‍යාපාරිකයින් ණය අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා සෑම මසකම බැංකුවල ප්‍රධාන නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද, එයින් හොඳ ප්‍රගතියක් ලබා ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රාජ්‍ය අනුග්‍රහය යනු ණය නොවන බවත්, ණය යනු හරියට සමහර ගෑණු ළමයින් වාගේ බවත්, ‘හොඳට ඉන්නකම් හොඳයි, නරක් වුණොත් නරකටම නරකයි’ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අපිට දැන් තියෙන්නේ ගම සුද්ද කරන වැඩේ – එරංග ගුණසේකර

රටේ ජනතාව ජාතික වශයෙන් පාර්ලිමේන්තුව ශුද්ධ කළ අයුරින්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී තිබෙන්නේ ගම පිරිසිදු කිරීම බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව තිබෙන්නේ රටේ ජනතාව සමඟ බවත්, නගර සභාවල හා ප්‍රදේශීය සභාවල ද බලය ජනතාව අතට ලබාගත යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ වෙනුවෙන් ජනතාව ඉතාමත් උනන්දුවෙන් මැදිහත්වෙමින් ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නිදහස ගෙන දුන් නායකයින් දඩයම් කරන විට, ආණ්ඩුව නොදැක්කා වගේ බලාගෙන ඉන්නවා – නාමල්

නිදහස ගෙන දුන් නායකයින් දඩයම් කිරීමට යන විට ආණ්ඩුව එය නොදැක්කා සේ බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව ආණ්ඩුව සිදුකරන ‍ප්‍රකාශ දෙස බැලීමේදී, එය අපේ රටේ ආණ්ඩුව විසින් රටේ රණවිරුවන් වෙනුවෙන් සිදුකරන ප්‍රකාශයක් ද, නැතහොත් ජාත්‍යන්තර සංවිධාන වෙනුවෙන් කරන ප්‍රකාශයක් ද යන්න ගැටලු සහගත බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

LTTE ඩයස්පෝරාව හරහා, යුද්ධය අවසන් කරන ලද රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසුවද, ඔවුන්ට මේ රටේ ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවත්, ජනතා ගැටලු විසඳිය නොහැකි බවත් ආණ්ඩුව මතක තබාගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

චාමර සම්පත් නැවත රිමාන්ඩ් කෙ​රේ

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නඩු තුනක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (27) අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, නඩු දෙකකින් අද දවස තුළදීම ඔහුට ඇප හිමි වුවත්, එක නඩුවකට අදාළව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන්නේ.

රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත්කර ගැනීමෙන්, රජයට රු. මිලියන 23 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

අද දිනය (27) සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය අදාළ වන අතර, එම ප්‍රදේශවලට තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්ත‍මේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සති අන්තය වෙනුවෙන් ‍හෙට සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමය හේතුවෙන් හෙට (28) සිට ලබන 31 වැනිදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට බදුල්ල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සත්ත්ව සංගණනයේ වාර්තාව 28 වැනිදා ප්‍රකාශ කරනවා – කේ.ඩී. ලාල්කාන්ත

සත්ත්ව සංගණනයට අදාළ සමස්ත වාර්තාව 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

එය සම්පූර්ණයෙන්ම නිරවුල් වාර්තාවක් ලෙස ගත නොහැකි බවත්, තවත් කීප අවස්ථාවකදීම සංගණන කටයුතු සිදුකළ යුතු බවයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ.

‘වන සතුන් කළමනාකරණය’ යන මාතෘකාව ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන බවද, මෙරට තුළ එවන් මාතෘකාවක් ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කළමනාකරණය කිරීමට නම් සතුන් පිළිබඳ ගණනය කිරීමක්, නිශ්චිත ඉලක්කමක් අවශ්‍ය වන බවත්, ඒ සඳහා කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ආරම්භක පියවරේදී සියල්ලම සම්පූර්ණ වන්නේ නැතිමුත් මෙයින් සාපේක්ෂ පිළිතුරක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත්, එමගින් සත්ත්ව කළමනාකරණයට අදාළ පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදන යෝජනාවට කැබිනට් අනුමැතිය

සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, A බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 414,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Lanka IOC PLC වෙත ප්‍රදානය කිරීමටත්, B බලාගාරය සඳහා ලිහිසි තෙල් ලීටර 389,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව Chevron Lubricants Lanka PLC වෙත ප්‍රදානය කිරීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images