සිරි දළදා වන්දනාවට සියලු කටයුතු සූදානම් කෙරේ

ලබන 18 වැනිදා ආරම්භ වන සිරි දළදා වන්දනාවට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කෙරෙමින් පවතිනවා.

අනිද්දා සිට දින 10ක් පුරා ඓතිහාසික සිරි දළදා වන්දනාව සඳහා සියල්ල සූදානම් බවයි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය සඳහන් කළේ.

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග තුනක් හඳුන්වාදීමට දළදා මාලිගය පියවර ගෙන තිබෙන අතර, ඩී.එස්. සේනානායක වීදියේ සිට දළදා මාලිගයේ පෝලිම් මාර්ගය දක්වා එක් මාර්ගයක් ද, රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව් රවුම, සංඝරාජ මාවත හරහා දළදා මාලිගයේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පෝලිම් මාර්ගය දක්වා තවත් පිවිසුම් මාර්ගයක් ද, රතු බෝක්කුව දෙස සිට වැව රවුම මාලිගාව පෙදෙස හරහා ප්‍රධාන පිවිසුම තෙක් මාර්ගයක්ද ලෙස එය ක්‍රියාත්මකයි.

දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ තෝරාගත් පාසල් ලබන 21 සිට 25 දක්වා වසා දැමෙන බවත්, ඒ වෙනුවට එම පාසල්වල පාසල පැවැත්වෙන කාලය අප්‍රේල් 28 වැනිදා සිට සති 05ක් අතිරේකව පැයක් වැඩි කෙරෙන බවයි මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනය කර තිබෙන්නේ.

මේ අතර සිරි දළදා ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය සියලු ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබෙන අතර, සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ජංගම සහ ක්ෂේත්‍ර වැසිකිලි 135කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් ඉදිකර අවසන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අධිවේගී මාර්ගය දින තුනක් තුළ මිලියන 134 ක ආදායමක් ලබයි

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය පවසනවා.

ඒ අනුව පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ අසූ හත්දහසක් ධාවනය කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථයක්, කැබ් රථයක සහ ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙක් මියගොස් 20 ක් තුවාල ලබයි

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේ ලොරි රථයක් හා බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකද බස් රථය ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙමු – විපක්ෂ නායක

දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගෙන රටත් ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම අප සියලුදෙනා සතු සාමූහික වගකීමක් බවයි සිය අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

අප මෙවර අවුරුද්ද සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් – ජනපති

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනගමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූ බවයි අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

අභියෝග හමුවේ නොසැලී රට වෙනුවෙන් අපගේ වගකීම තවත් ශක්තිමත්ව ඉටු කිරීමේ ධෛර්යය වගකිව යුතු රජයක් ලෙස ඔවුන් සතු බවත්, රට ඉදිරියේ ඇති සියලු ආකාරයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් රජය මේ වනවිට ක්‍රියාවට නංවමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එසේම රටට අවැසි නව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස මේ එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට ආරාධනා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවුන මිහින්තලේ හිමියන් කියපු කතාව….

https://www.youtube.com/embed/MJ0CJaW5ZwE?si=A06oDj82xxCKpBKk” title=

ටිල්වින්ට රිදුනේ ඇයි ? ජන අරගල සන්ධානයේ ලහිරුගෙන් ජ.වි.පෙට සැර උත්තර….

https://www.youtube.com/embed/1ZOwAXAYRJo?si=1LGRxRMgLl8u1LmQ” title=

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් සපයන සේවාවන් සිදුකරන වේලාවන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අදාළ දිනවල ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම  එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාවද එම දිනවල සිදු නොකරන බවයි ආගමන විගමන පාලක ජනරාල් (වැ.බ) බී.එම්. ඩී. නිලූෂා බාලසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සමඟ දෙනෙක් අත්අඩංගුවට

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි  සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ප්‍රවාහන සේවා ගැන තොරතුරු දැන ගැනීමට දුරකථන අංක කිහිපයක්

අප්‍රේල් මස 09වන දා සිට 21 වනදා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.

ඒ අනුව එම කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති බව එම කොමිෂන් සභාව පවසනවා.

1955 ක්ෂණීක දුරකතන අංකය සහ 0712 595 555 වට්ස්ඇප් අංකය මගින් මගී ජනතාවට සම්බන්ධ විය හැකි බවත් ජාතික ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකතන අංකවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.