ධනුෂ්ක ගුණතිලක නිවැරදිකරු බවට තීන්දු කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අනුමැතියකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට එල්ලවූ චෝදනාවට වැරදිකරු නොවන බවට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව නඩු තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා ධනුෂ්ක ගුණතිලක නිවැරදි බවට තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් මාසයේදී T-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන තිබුණා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී රඳවා ගැනීම නිසා ඇතිවී තිබූ ගැටලුව විසඳමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව මේ හරහා රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ නිසා මෙතෙක් මුහුණ දීමට සිදුවූ අසාධාරණයට විසඳුමක් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකථන අංකයක්ද වෙන්කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නේපාල කණ්ඩායම T20 ලෝක වාර්තා අලුත් කරයි

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ දී ඉනිමකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිඳ දැමීමට නේපාල කණ්ඩායම අද (27) සමත්වුණා.

ඒ, චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී මොන්ගෝලියාවට එරෙහිව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 314 ක් රැස් කරමින්.

මීට පෙර මෙම වාර්තාවට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හිමිකම් කියූ අතර ඔවුන් 2019 වසරේ දී අයර්ලන්තයට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 278 ක් ලබා එම වාර්තාව පිහිටුවා තිබුණා.

ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ලකුණු 300 ක් වාර්තා කළ ලොව පළමු රට බවට නේපාලය අද ඉතිහාසගත වුණා.

මෙයට අමතරව නේපාල කණ්ඩායමේ Kushal Malla විසින් වේගවත්ම T20 ශතකයට හිමි වාර්තාව තමන් සතු කරගත්තා. ඒ පන්දු 34 කදී සිය ශතකය රැස්කරගනිමින්.

එමෙන්ම නේපාල කණ්ඩායමේ Dipendra Singh වේගවත්ම T20 අර්ධ ශතකයට හිමි වාර්තාව තමන් සතු කරගත්තා. ඒ පන්දු 9 කදී සිය අර්ධ ශතකය රැස්කරගනිමින්.

ලකුණු 314 ක ඉලක්කයක් හඹා ගිය මොංගෝලියානු කණ්ඩායමට සියළු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 41 ක් පමණයි.

ඒ අනුව ලකුණු 273 ක ජයග්‍රහණයක් හිමිවූ අතර එය සැලකෙන්නේ T20 තරගයක කණ්ඩායමක් ජයග්‍රහණය කළ විශාලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැහැ – IMF

ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්රූවර් පවසනවා.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානීවරයා සඳහන් කළේ, මෙරටට අනුමත කරඇති විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරික නිදහස් කිරීම, විදෙස් ණය හිමියන් සමග ඇතිකරගන්නා එකඟතා හා එකඟ වී ඇති ප්‍රතිපත්ති මත රඳා පවතින බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත බිලියන 1.5 ක් දක්වා වැඩි වී ඇති බවත් උද්ධමනය සැලකිය යුතු ලෙස  පහත වැටී ඇති බවද ඔහු සඳහන් කළා.

සමාජ මාධ්‍ය පනත හරහා ආණ්ඩුව ව්‍යවස්ථාපිත ඒකාධිපතිවත්වයක් ගොඩනාගා ගැනීමට කටයුතු කරනවා – නීතියේ ආධිපත්‍යය සඳහා වූ නීතීඥයෝ සංවිධානය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත හරහා ව්‍යවස්ථාපිත ඒකාධිපතිවත්වයක් ගොඩනාගා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නීතියේ ආධිපත්‍යය සඳහා වූ නීතීඥයෝ සංවිධානය පවසනවා.

මෙම පනත් කෙටුම්පත රටේ නීතියට පටහැනි පනතක් බවයි එහි සම කැඳවුම්කරු නීතීඥ හේරත් එම්. ආරියරත්න සඳහන් කළේ.

මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ව්‍යවස්ථාව තුළින් ආරක්ෂාකරදී ඇති බවත් එම අයිතිවාසිකම් එකින් එක ආණ්ඩුව උදුරා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.

ආණ්ඩුවේ වංචා දූෂණ ඇති බව මිනිසුන් බඩගින්නේ සිටින බව සහ මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල නිරතවීම වැනි කාරණා ප්‍රකාශ කිරීමට ජනතාවට අයිතියක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ පත් කෙරේ

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙය බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනපති ජර්මනියේ නිල සංචාරයක් සඳහා පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගිය බවයි සඳහන් වන්නේ.

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සකච්ඡාවට සහභාගී වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙම සංචාරයේ අරමුණ වන අතර ජනාධිපතිවරයා සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ අදහස් දැක්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉරාකයේ මංගල උත්සවයක ගින්නකින් පුද්ගලයින් 100 ක් මරුට

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර මනාලිය සහ මනාලයා ද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර ගිණිකෙළි දැල්වීම මෙම අනතුරට හේතුව බවට එරට ආරක්ෂක අංශ සැක පලකරනවා.

ICC CWC 2023 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (26) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 ක් ඇතුළත්ව තිබෙනවා.

වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට මෙවර එක්දින ලෝක කුසලානය අහිමිවී ඇති අතර ශාරිරික යෝග්‍යතාව මත සහ කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට ආබාධ තත්ත්වයක් මතුවුවහොත් ඉදිරියේදී ඔහු කණ්ඩායමට එක් කිරීමට නියමිතයි.

65137bbc2798e 65137bbc3c831 65137bbc6d61c

ගෙදර යන ජනාධිපතිලා වෙනුවෙන් හර්ෂ ද සිල්වා ගේන්න කියන නව නීතිය…

https://youtube.com/watch?v=zVqEhZOoc04%3Fsi%3DJowpsqURUVFvHxb9