IOC ඉන්ධන මිල ඉහළට

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අනුව ඉහළ දමන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්  දැක්වෙනවා.

* පෙට්‍රල් 92 – රු.04  කින්  (නව මිල රු.365)

* පෙට්‍රල් 95 – රු.03 කින්  (නව මිල රු.420)

* ඔටෝ ඩීසල්  – රු.10 කින් (නව මිල රු.351)

* සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)

* භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)

CEYPETCO ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 4 කින් (නව මිල රු.365)

* පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.351)

* සුපර් ඩීසල් – රු. 62 කින් (නව මිල රු.421)

* භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.242)

6519a1e593006pdf_page_0

SINOPEC ඉන්ධන මිල ඉහළට

SINOPE සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – මිල නොවෙනස් (රු. 358)

* පෙට්‍රල් 95 – රු. 6 කින්  (නව මිල රු.420)

* ඔටෝ ඩීසල්  – රු. 10 කින් (නව මිල රු.348)

* සුපර් ඩීසල් – රු. 61 කින් (නව මිල රු.417)

ප්ලාස්ටික් වර්ග කිහිපයක් අද සිට තහනම් වෙයි

තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක බව පරිසර අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ප්ලාස්ටික් වර්ග 9ක් පමණ මෙම තහනමට අයත් බවත් ප්ලාස්ටික් මඟින් සිදුවන විශාල පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු අවම කිරීම මෙලෙස තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කිරීමේ මූලික අරමුණ බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මෙම තහනම යටතේ ප්ලාස්ටික් ගෑරුප්පු, හැඳි, පිඟන්, කෝප්ප, ඉඳිආප්ප වට්ටි, බීම බට සහ මල් මාලා ඇතුළු වර්ග 9 ක් මෙලෙස තහනම් වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට බදු එකතු කිරීමේ ජාලය පුළුල් කළ යුතුයි – ශෙහාන් සේමසිංහ

මෙරට බදු එකතු කිරීමේ ජාලය පුළුල් නොකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීමට නොහැකිවීමට එක් හේතුවක් බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව බදු එකතු කිරීමේ ජාලය පුළුල් කළ යුතු බවයි ජන හමුවක් අමතමින් වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

රාජ්‍ය නිලධාරීන් ඇතුළු බදු ගෙවන පිරිස් වැඩියෙන් බදු ගෙවන බවත් අඩුවෙන් බදු ගෙවන පිරිස් සහ බදු නොගෙවන පිරිස විනිවිද භාවයෙන් ක්‍රියාත්මක නොකිරීම ප්‍රධන ගැටලුවක් බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා බිඳදමා කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න විශ්‍රාම ගැනීම නිවේදනය කරයි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වන නිලූක කරුණාරත්න සිය ක්‍රීඩක ජීවිතයේ සමුගැන්ම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔහුගේ වෘත්තීය බැඩ්මින්ටන් ජීවිතය 17 වතාවක් ජාතික ශුරතා දිනා ගැනීමට සමත් වූ අතර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථා කිහිපයකදී ඔලිම්පික් තරගාවලියද නියෝජනය කිරීමට සමත් වුණා.

මේ දක්වා අන්තර්ජාතික ජයග්‍රහණ 34ක් ලබාගැනීමට නිලූක කරුණාරත්න සමත්ව තිබෙනවා.

6518e26ef07b0

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

ඒ අනුව මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්න වන අතර එසේම මෙවර වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි.

මෙවර ලෝක ළමා දින උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

ගංගා ගැන දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර පෙන්වා දෙන්නේ.

අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ඒ ආශ්‍රිත අතු ගංගාවලද පවතින ගංවතුර තත්ත්වයන් ක්ෂණිකවම වර්ධනය විය හැකි බවද ඔහු සඳහන් කරනවා.

ICC CWC 2023 Warm-up : බංග්ලාදේශයට කඩුලු 7 ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 68 ක්, ධනංජය ද සිල්වා ලකුණු 55 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Tanzid Hasan ලකුණු 84 ක්, Mehidy Hasan Miraz ලකුණු 67 ක් හා Litton Das ලකුණු 61 ක් ලබා ගත්තා.

ICC CWC 2023 Warm-up : බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 264 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 68 ක්, ධනංජය ද සිල්වා ලකුණු 55 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය 264 ක්.