ICC CWC 2023 Warm-up: ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට කඩුලු 6 ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පුහුණු තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 294 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 158 ක්, සධීර සමරවික්‍රම ලකුණු 39 ක් හා පැතුම් නිස්සංක ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

651ce90aaad71 651ce909ccadc 651ce909b9333

11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම්

5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වීමට නියමිතයි.

දිස්ත්‍රික්ක 03 ක අද සුනාමි පෙරහුරුවක්

අද (04) දිනයේදී දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මෙම පෙරහුරුව පැවැත්වෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වෙයි

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888 කදී විභාගය පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තැපැල් මගින් මේ වනවිට යොමුකර ඇති බවත්, මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට එම ලේඛනය https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

CEYPETCO සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.
පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවයි X පණිවිඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අදාළ X පණිවිඩය පහතින්.

651cb85174dd9

ICC CWC 2023 Warm-up : කුසල් මෙන්ඩිස් ලකුණු 150 ක් ලබාගනී

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 158 ක් හා සදීර සමරවික්‍රම ලකුණු 32 ක් ලබා සිටිනවා.

ICC CWC 2023 Warm-up : පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 98/2

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පුහුණු තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ICC CWC 2023 Warm-up : කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පුහුණු තරගය අද (03) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කළ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරණු ලබනවා.

උසස් පෙළ පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනවා – අධ්‍යාපන ඇමති

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව විභාග කොමසාරිස්වරයා විසින් ඉදිරි දින කිහිපය තුළදී අදාළ දිනය ප්‍රකාශයට පත් කරන බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මානව හිමිකම් කොමිසමේ වාර්තාව රජය ප්‍රතික්ෂේප කරනවා – ජනපති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව තම රජය ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

DW News සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බවයි.