කටුවාපිටිය විරෝධතාවයට එකතු වුන කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් පාස්කු ප්‍රහාරය ගැන කියූ දේ…..

https://www.youtube.com/embed/ScSx02ZburU?si=h-jJ-oBZzET37NTg” title=

පුංචි ඡන්දෙත් ජාතික ජන බලවේගය දිනන හේතුව ගැන කියන ටිල්වින් සිල්වා…..

https://www.youtube.com/embed/uZcZHtXje9Q?si=ENjADnpGtx7yXVrt” title=

“මම කිව්වා L බෝඩ් කාරයෝ දාන්න එපා කියලා” වෙච්ච දේ ගැන කියන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ……

https://www.youtube.com/embed/YWJgRmI-MAc?si=dGgueVzft_nlSX0n” title=

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් අතරතුර අහසට වෙඩි තබයි

අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා තිබෙනවා.

මේ වනවිට හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා මේ වන විට පොලිස් විශේෂකාර්ය බලකාය කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හෙට මගහැර සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණෙන්නැයි වන්දනාකරුවන්ට දැනුම්දීමක්

හෙට (23)  දිනයේ  “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා අද (22)  සවස 06.00 පමණ වන විට 80,000 කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරය වෙත එක් රැස්ව සිටින බව පොලීසිය පවසනවා.

ඒ අනුව හෙට (23) උදෑසන වන විට එම සංඛ්‍යාව 100,000 ඉක්මවා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ.

එසේම දහවල් කාලය වන විට මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් හෙට දිනය හැර තවත් දින 04 ක කාලයක් “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීමට හැකියාව පවතින බැවින් හෙට දිනය මඟහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් සැදැහැවතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

කටානේ වෙඩි තැබීමක්

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත් කිරීමේදී ඔහු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු මන්ත්‍රීවරයා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අලුත් අවුරුද්දට සුබ පතලා එවන SMS එක නතර කරලා රුපියල් ලක්ෂ 980 ක් ඉතුරු කළා – නිලන්ති කොට්ටහච්චි

නව වසරට සුබ පතා සෑම වසරකම ජංගම දුරකථනවලට එවූ කෙටි පණිවිඩය (SMS) එවීම මෙවර සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.

ඒ හරහා රුපියල් ලක්ෂ 980 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණ බවත්, ජනතාවගෙන් ලබාගෙන ජනතාවටම SMS යැවූ යුගය වෙනස් කළ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ.

නායකයෙක් සිටිය යුත්තේ අවුරුද්දට SMS යැවීමට නොවන බවද, බදු ගෙවන ජනතාවට සාධාරණව ජීවත්විය හැකි ලෙස එය බිමේ වැඩ සඳහා යොදවනවා නම් නායකත්වය යනු එය බවද, ජනතාව පත් කරගත් ජනාධිපතිවරයා එම කටයුත්ත නිසි පරිදි සිදුකරන බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පුද්ගලයෙකු​ට එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට මාසික​ව අවශ්‍ය අවම මුදල ප්‍රකාශයට පත් කරයි

නිල දරිද්‍රතා රේඛා සටහනෙහි පෙබරවාරි මාසය සඳහා වන දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 16,318 ක් ලෙසයි සඳහන් වෙන්නේ.

දිස්ත්‍රික්ක වශයෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දැරිය යුතු වැඩිම මුදල කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම මුදල රු. 17,599 ක් වනවා.

එමෙන්ම එහි අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 ක් ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ දරිද්‍රතා රේඛාව පහතින්.

news images

කොච්චිකඩේ දේවස්ථානය අසලදී ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මුදා හැරීමට නියෝග

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සිට සැකපිට අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා මුදාහරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ දින කොච්චිකඩේ ශාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහෙය පැවති අවස්ථාවේදී ඒ අසල සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නියෝග අනවශ්‍ය බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති අතර, ඒ අනුව අදාළ සැකකරුවන් මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

පාස්කු වාර්තාවේ කොළ අඩුයි නම්, මාස 07 ක් ඕක තියාගෙන මොකද්ද කළේ? – නාමල්

ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවට පැවසූ වාර්තාව ‍හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේ පාර්ලිමේන්තුවට සභාගත කළ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

වත්මන් ජනාධිපතිවරයා විසින් එම වාර්තාව අලුත් වාර්තාවක් ලෙස නැවත භාරදී ඇති බවත්, රජයෙන් ‍මේ ගැන විමසූ විට පෙර වාර්තාවේ කොළ අඩු නිසා නැවත ඉදිරිපත් කළ බවට ප්‍රකාශ කරන බවත්, කොළ අඩු නම්, මාස 07 ක් තිස්සේ සිදුකළේ කුමක්දැයි ගැටලු සහගත බවයි ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එවක සිටි බුද්ධි අංශ ප්‍රධානීන් අද ආණ්ඩුවේ තනතුරු දරමින් රැකවරණය ලබන බවත්, ප්‍රධාන බෝම්බකරුගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි බවත්, ‍පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කිරීමට යන්නේ මොවුන් දමා දැයි ගැටලු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් විමසා සිටියේ.