ජනපති වියට්නාම ජනපති හමුවෙයි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති Luong Cuong අතර හමුව අද (05) සිදුව තිබෙනවා.

වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද (05) උදෑසන පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, එම ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ජනාධිපතිවරයා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පිළිගැනීමේ උත්සවයේදී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික ගී වලට ‍ගෞරව දැක්වීමෙන් අනතුරුව, දෙරටේ නියෝජිතයින් හඳුන්වාදුන් අතර, ඉන් පසු ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.

news images

news images

news images

news images

මර්වින් සිල්වා මැයි 19 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු මැයි 19 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හෙට බැංකු විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙට (06) දිනයේදී බැංකු විවෘත කර තබන වේලාව සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙට (06) දිනයේදී උදෑසන 11.00 වන තෙක් පමණක් බැංකු විවෘත කර ඇති බවයි ‘එසැණ’ සිදුකළ විමසීමකදී ශ්‍රී ලංකා බැංකු සේවක සංගමය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් බැංකු කිහිපයක් විසින් නිකුත් කළ නිවේදන පහතින්.

news images

news images

news images

news images

සබරගමුවේ නවක වධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ් කිරීමට නියෝග

නවක වධය ලබාදීමේ සිදුවීමක් මුල් කර ගනිමින්, සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක් සිය දිවි හානිකර ගැනීමට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) එම සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිසුන් 4 ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙක් අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.‍

කළුතරදී මැතිවර​ණ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

කළුතර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව කළුතර නාගොඩ රෝහල ඇතුලත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙට (05) සහ අනිද්දා (06) පාසල් නිවාඩු ලබාදෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

පාසල් යළි එළඹෙන 07 වනදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍යංශ කිහිපයක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා මෙලෙස වැඩබලන අමාත්‍යවරුන් පත්කර තිබෙනවා.

එසේම අමාත්‍ය විජිත හේරත් වතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ලොකු පැටී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට

විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු පැටී” නැමැත්තා බෙලරූස් රාජ්‍යයේ සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ආවා.

ඒ අනුව සැකකරු බෙලරූස් රාජ්‍යයේ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් අද උදෑසන 07.48ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බවයි සඳහන් වෙන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ලොකු පැටී නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව සැකකරු නුගේගොඩ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලොකු පැටී නැමැත්තා බෙලරූස් රාජ්‍යයේදී පසුගිදා අත්අඩංගුවට ගෙන තිබුණා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් යොදවයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නියමිතව තිබෙනවා.

අවශ්‍යතාව මත යුධ හමුදා සාමාජිකයින් ද ඒ සඳහා අනුයුක්ත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

නිහඬ කාලසීමාවේ මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.