නිලන්ත ජයවර්ධනට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කළ රුපියල් මිලියන 75ක වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මත මෙලෙස චෝදනා ගොනු කර ඇති බවයි නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ.

නිලන්ත ජයවර්ධනට ඔක්තෝබර් මස 07 වනදා පෙරවරු 9.30ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසනවා.

ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවූ අවස්ථාවේදී ජපාන තානාපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66f65c51aea55pdf_page_0

නපති මන්දිරය අසල මාර්ග දෙකක් මහජනතාවට විවෘත කෙරේ

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.

පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25% සහ 9.25% ක් වන බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනපතිට ලෝක බැංකු සමූහයෙන් සුබ පැතුම්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුව සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය  උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙලෙස සුබ පැතුම් එක් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය දෙන බවත්, ඒ සඳහා රජයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන අතර ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාව ද ඒ හා සමානව වැදගත් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

“අහන එවුන් යවන්න ඔනේ අංගොඩට” තිස්ස අත්තනායකට හොදටම කේන්ති ගිය ප්‍රශ්නය…..

https://www.youtube.com/embed/SmZ7Gi1_zQQ?si=b9HkCsyKwVODLpWj” title=

“එයාට හැකියාව තියෙනවා රට ගෙනියන්න පුළුවන්” හිටපු ජනපති මහින්ද නව ජනපති ගැන කියපු දේ…..

https://www.youtube.com/embed/98kNL_eUjKE?si=OhArGdcSMEpWiTYs” title=

ප්‍රවීණ රංගවේදී W. ජයසිරි මහතාට අවසන් ගෞරව දක්වන්නට කලා කරුවන් දේශපාලකයින් රේමන්ඩ් මල් ශාලාවට

https://www.youtube.com/embed/xc6JRf3Nd_4?si=Yj4SXKV9p67DHXbD” title=