https://youtube.com/watch?v=y94HK4lnsCM%3Fsi%3D950zrXa3QZ-OOtXv
Author: Supun
රක්වාන පොදු සුසාන භූමියේදී පුද්ගලයෙක් සමගම අළුවුන ත්‍රී රෝද රථය..ගිනි ගත්තාද ? ගිනි තැබුවාද ?
https://youtube.com/watch?v=HcybIo48BwY%3Fsi%3DafC9GmEM5AUH-INz
ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්
Miss World 2025 අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අනුදි ගුණසේකර වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් සුබ පැතුම් එක්කර තිබෙනවා.
අද (31) දින පස්වරුවේ සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙවර ලෝක රූ රැජින තරගයේ අවසන් මහා උළෙල අද ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී පැවැත්වීමට නියමිතයි.
අදාළ X පණිවුඩය පහතින්.

Miss World 2025 : අවසන් මහා තරගය අද
2025 Miss World තරගාවලියේ අවසන් මහා තරඟය අද (31) සවස ප.ව. 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
රටවල් 100කට අධික සංඛ්‍යාවකින් රූප රාජිනියන් 100කට අධික දෙනෙකු මෙම තරගය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ අනුදි ගුණසේකර මෙම තරගාවලිය තුල කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.
Miss World තරගාවලියේදී පසුගිය මාසය පුරාවට, රූ රැජිණියන් විසින් ක්‍රීඩා අභියෝගතා, දක්ෂතා ප්‍රදර්ශනය කිරීම්, Head-to-Head Challenge, Top Model Competition, සහ Multimedia Challenge ඇතුළු තරග මාලාවකට සහභාගී වුණා.
මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබන අතර, පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත ඉන් 18 දෙනෙකු දැනටමත් ඒ සඳහා තෝරාගෙන තිබෙනවා.
එම තෝරාගත් 18 දෙනා අතර ශ්‍රී ලංකා රූ රැජින වන අනුදි ගුණසේකර තේරී නොමැති නමුත්, අද පැවැත්වෙන අදියරේදී දක්වන දක්ෂතා අනුව ඇයට අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් ඇති බවයි සඳහන් වන්නේ.
මෙම 40 දෙනාගෙන් ඇරඹී, එක් එක් මහාද්වීප කළාපයෙන් පස් දෙනෙකු ලෙස 20 දෙනෙකු දක්වා අඩුවන අතර, පසුව එක් එක් මහාද්වීප කළාපයෙන් අවසන් තරගකරුවන් දෙදෙනෙකු බැගින් තෝරා ඉහළම 08 දෙනා තෝරා ගනු ලබනවා.
අවසාන වටයේදී, සෑම මහාද්වීපයකින්ම එක් නියෝජිතයෙකු බැගින් කිරුළ සඳහා තරඟ කිරීමට නියමිතයි.
ඔවුන් අතරින් ජයග්‍රාහකයා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලබන අතර, අනෙක් අය පළමු, දෙවන සහ තෙවන අනුශූරයන් ලෙස නම් කරනු ලබනවා.
අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්
අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන, ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීමද, මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළඳපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව වැඩිදුරටත් සඳහන්.
තැපැල් වැඩ වර්ජනය අවසන්
තැපැල් වැඩ වර්ජනය ඊයේ (30) පස්වරුවේ අවසන් කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා.
එම වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසී තිබුණු තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් අද සිට බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කළා.
බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් තමන් වැඩ වර්ජනයේ නිරත වූ බවයි ලේකම්වරයා සඳහන් කර සිටියේ.
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 4,623ක් පීඩාවට – ආපදා කලමණාකරන මධ්‍යස්ථානය
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක, පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් මෙම හානි සිදුවී ඇති බවයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පූර්ව දැනුම්දීම්) රවී ජයරත්න සඳහන් කළේ.
මෙම අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 327ක පුද්ගලයින් 1,278ක් අද උදෑසන වනවිට පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
එසේම, කොළඹ දිස්ත්‍රික්කයේද ස්ථාන 32ක ගස් කඩා වැටීම්, විදුලි රැහැන් බිඳවැටීම් වැනි ආපදා සිදුව ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම දිවයින පුරා අර්ධ නිවාස හානි 1,184ක් පමණ සිදුව ඇති බවට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය වෙත තොරතුරු ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
කොළඹ මාර්ග කිහිපයක ගස් කඩා වැටීම් වාර්තා වෙයි
අයහපත් කාලගුණය නිසා කොළඹ මාර්ග කිහිපයකටම ගස් කඩා වැටීම් සිදුව ඇති බව පැවසෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ
අයහපත් කාලගුණයෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 29,451 ක් වාර්තා වෙයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (30) පස්වරු 4.00 වන විට විදුලිය බිඳ වැටීම් 29,451 ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව අදාළ විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩල සේවකයින් මේ වන විට කටයුතු කරමින් ඇති බවයි සඳහන් වෙන්නේ.
විදුලිය බිඳ වැටීම් සම්බන්ධ තොරතුරු 1987 දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
පිරමීඩ ආයෝජන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ් කිරීමට නියෝග
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන නීති විරෝධී පිරමිඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස්, රුපියල් කෝටි 225කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සැකකරු පිරමීඩ ආයෝජන ව්‍යාපෘතියක් මෙහෙයවා ඇති බවයි.
ඒ අනුව, 2023 වසරේ මාස පහක කාලයක් තුළ එම සමාගමේ ගිණුම් 56 ක් හරහා රුපියල් කෝටි 220 කට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවත්, මෙම මුදල් කවර පාර්ශ්වයක් වෙත ගමන් කර තිබේද යන කාරණය පිළිබඳ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයා වන එරංග දිල්ශාන් නමැත්තා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින්, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
