ජන හා නිවාස සංගණනයේ පුද්ගල තොරතුරු රැස් කිරීම හෙට සිට ඇරඹේ

15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වනවා.

ඒ සඳහා සංගණන නිලධාරීන් හෙට සිට ගෙයින් ගෙට පැමිණෙන බවයි ජනලේඛන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

දැනට පිටවී ඇති බව පැවසෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.

ඒ අනුව එළඹෙන 07වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පවා තාවකාලිකව නවතා දමා තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6701dec62c35b

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය යළි ඇරඹේ

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ආනයනය පසුගිය 01 වනදා සිට නැවත ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීම මෙම වසරේ දෙසැම්බර් 01 වනදා සිට ද, මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනය ලබන වසරේ පළමු කාර්තුව තුළ ද ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 වසරේ ශ්‍රී ලංකා රජය විසින් අත්හිටවූ වාහන ආනයනය, අදියර 3ක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

විවිධ ආයතන වලින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් වාහන නැවතත් එම ආයතන වලටම භාර දෙයි…..

https://www.youtube.com/embed/W1pNTVrEKIU?si=tnFs1GghGB5wdR6_” title=

අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය රිජ්වේ ආර්යා ළමා ‍ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි……..

https://www.youtube.com/embed/aWMFUKdOjW8?si=qDJxkLRVf_q8Y_Pa” title=

ස.ජ.බ එ.ජා.ප සාකච්චා බිදවැටුන හේතුව සමගි ජන බලවේගයෙන් එලියට දායි….

https://www.youtube.com/embed/2lVQ83bd9VQ?si=M7LbuH112–7YA5F” title=

පාසැල් දරුවන්ගේ පාවහන් මිල අඩුවෙයිද ? නිෂ්පාදකයන්ගේ පොරොන්දුව……

https://www.youtube.com/embed/6xjvUJ2r8As?si=ScWOFS89nr9sQdId” title=

කොක්කෙන් හරි කෙමිනෙන් හරි එනවා මල්ලී විජිත් විජයමුනි කියාගෙනම යන්න ගිය කතා ගොඩ…..

https://www.youtube.com/embed/JK4ZLHlypCs?si=17erbraO59P4t82M” title=

වෙඩි ප්‍රහාරයකට ලක්වුන මහසෙන් ඇතාට ප්‍රතිකාර කිරීම ඇරඹෙයි…..

https://www.youtube.com/embed/B1-apXKzsJw?si=PV5wHjkM4ZVL3t7u” title=