ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා – ජනපති

බදු ගෙවන සියලු දෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බවයි ‘බදු ශක්ති’ නමින් ක්‍රියාත්මක වන බදු සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

රට තුළ සාමකාමී පද්ධතියක් පෙනෙන්නට තිබුණ ද ඊට යටින් කළු පද්ධතියක් ඇති බවත්, එම කළු පද්ධතිය යම් ජාවාරම්කාර ව්‍යාපාරික ප්‍රජාවක් නියෝජනය කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එසේම එම කළු යාන්ත්‍රණය තුළ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, නීති විරෝධී සන්නද්ධ අවි ගත් පුද්ගලයින් හා මාධ්‍ය ද ඇති බවද, මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට ජනතාවට තමන් සහතිකයක් ලබාදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

සියලු දෙනාම නීතියට යටත්වන පරිසරයක් නිර්මාණය කරන බවත්, බදු ගෙවීමට සෑම පුද්ගලයෙකුටම ආරාධනා කරන බවත්, ඔවුන් ගෙවන බදු මුදල් සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

එක රුපියලක් හෝ නාස්ති කරනවා හෝ වංචා කරනවා නම්, ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිම මැදිහත්වීම සහතික කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනුදි ගුණසේකර දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින අවසන් තරගය ලොව පුරා රටවල් 108ක තරගකාරිනියන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර, කෙසේ නමුත් එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමට නොහැකි වුණා.

නමුත් අනුදි ගුණසේකර එම තරගාවලිය තුළ වාර්තා රැසක් තබමින් තරග අංශ කිහිපයකින් ජයග්‍රහණ වාර්තා කිරීම‍ට සමත්වුණා.

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී, කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සමගි ජන බලවේගය විසින් ලබාගත් ආසන සඳහා කාන්තා මන්ත්‍රීවරියන් නම් කරන ලෙස ඉල්ලා කැකිරාව මැතිවරණ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ සාමාජිකයින් දෙදෙනෙකු වන චන්දිම ගමගේ සහ අයි.එම්.පී.කේ. ඉලංගසිංහ යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, ජුනි 16 වන දින දක්වා මෙම අතුරු තහනම පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.

සමගි ජන බලවේගය විසින් කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආසන හතරක් දිනාගත් බවත්, ඉන් ආසන තුනක් සමානුපාතික නියෝජනය යටතේ ලබාගෙන තිබෙන බවත් තේරීම් භාර නිලධාරියා විසින් පක්ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇති අතර, සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් එම ආසන තුන සඳහා අතිරේක නාමයෝජනා ලැයිස්තුවේ හෝ මූලික නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් කාන්තා සාමාජිකාවන් පත් කළ යුතු බවට තේරීම් භාර නිලධාරියා අදාළ ලිපිය මගින් සඳහන් කර ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් ආසන තුන සඳහා කාන්තා සාමාජිකාවන් පත් කරන ලෙස තේරීම් භාර නිලධාරියා විසින් ගනු ලැබූ තීරණය පළාත් පාලන ඡන්ද විමසීම පනතේ විධිවිධාන වලට පටහැනි බවත්, එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අල්ලස් කොමිසම විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නගර සභාවට අයත් අංක 12 ගව මස් කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රු. 2,380,000ක පාඩුවක් රජයට සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාතික බදු සතිය අදින් ඇ‍රඹේ

“බදු ශක්ති” ජාතික බදු සතිය අද (02) සිට ආරම්භ වනවා.

ඒ අනුව එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

අද සිට 07 වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත සඳහන් කළා.

දිස්ත්‍රික්ක වශයෙන් අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර අදාළ වැඩසටහන් පැවැත්වෙන දින සහ වේලාවන් පහතින් දක්වා තිබෙනවා.

news images

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තාවී ඇති බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කළේ.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කළා.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණිය වන Suchata Chuangsri විසින් දිනාගෙන තිබෙනවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැණුනා.

මෙහිදී ඉතියෝපියාවේ හසෙට් ඩෙරෙජේ ඇඩ්මාසුට පළමු අනුශූරතාවය හිමිවූ අතර, පෝලන්තයේ මාජා ක්ලජ්ඩා දෙවන අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වුණා.

2025 ලෝක රූ රැජින සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවැදුනු අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට පිවිසීමට නොහැකිවීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට සිදු වුණා.

ඉන්ධන ගාස්තුවේ වෙනසක් නෑ – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව ජුනි මාසය සඳහා ඉන්ධන ගාස්තුවේ සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

ඒ අනුව පැවති ඉන්ධන ගාස්තු වෙනසක් නොවන බවයි සඳහන් වන්නේ.

කාර්මික දෝෂයකට ලක්ව බලපිටිය දියඹ මුහුදේ පාවෙමින් තිබූ බොට්ටුවේ සිටි තිදෙනාගේ දිවි බේරා ගත් මෙහෙයුම.

https://youtube.com/watch?v=F9_IwlTdJC8%3Fsi%3D0LasuZpbWcTih8O0

කැරම් බෝඩ් වලට මෙහෙම හිරේ යනවා නම් මහ බැංකුවට ගහපු මිනිහා කොහොම හිරේ යන්න ඔනෙද

https://youtube.com/watch?v=BGBAmifXLYE%3Fsi%3DLOrVcRmZHpLQqA57