හජ් උත්සවය අදයි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබනවා.

නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව,  මුස්ලිම් ප්‍රජාව විසින් සමගිය හා සාමුහිකත්වය පෙරදැරිව මෙම ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරනවා.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව ‘දුල් හිජ්ජා’ මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙන අතර, අල්ලා දෙවියන් විසින් ඊබ්‍රාහිම් නබිතුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය සමරනු ලබන බවයි පැවසෙන්නේ.

මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම් වලින් එකක් වන හජ් වන්දනාව සිදු කෙරෙන අතර, සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා.

හජ් උත්සවය වෙනුවෙන් අද කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම  උදෑසන ආගමික වතාවත් සිදු කිරීමට නියමිත බවයි දැක්වෙන්නේ.

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියට ඇප

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවී තිබෙනවා.

ඇයව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා – ජනපති

දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක්වුවද, පැරණි නිලධාරී යාන්ත්‍රණයේ යම් කොටස් පැරණි පුරුදුවලින් ගැලවීමට අසමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ හේතුවෙන් RMV ආයතනයෙන් අයතු මුදල් සමඟ නිලධාරීන් හමුවන බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාතාල නායකයින්ට ගුවන් බලපත්‍ර සෑදු නිලධාරීන් හමුවන බවත්, රේගුවෙන් නීති විරෝධීව භාණ්ඩ පිට කර ගැනීමට උදව් කළ පිරිස් හමුවන බවත්, පරිසර අමාත්‍යංශයෙන් නිසි අනුකූලතාවයෙන් තොරව බල‍පත්‍ර ලබාදීම් වාර්තා වන බවයි අද (05) පරිසර දිනය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

මෙම ක්‍රමය පරිවර්තනය කිරීම සඳහා දේශපාලන අධිකාරිය ලෙස තම පූර්ණ සහයෝගය ලබාදෙන බවද, නිලධාරී යාන්ත්‍රණය ද පැරණි පුරුදු අතහැර අලුත්වීමේ කාලය පැමිණ ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

නිලධාරී යාන්ත්‍රණයට තමා නැවත නැවත ප්‍රකාශ කරන්නේ වෙනස් වන ලෙස බවත්, වෙනස්වීමට සූදානම් නොමැති නම් සහතික වශයෙන් එය වෙනස් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රක‍ාශ කර සිටියේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා.

මුදල් වංචා කළ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම සහ අමෙරිකානු ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් එක් ලක්ෂ අනූ එක්දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාවට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණු බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව විමර්ශන පැවැත්වූ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර‍, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වන අතර, එම කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිසු දරුවන් හා අධ්‍යයන / අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 – 19 අතර පාසල් වයසේ පසුවන දරුවන් බවත්, මෝසම් වැසි සමය එළඹීමත් සමග දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිරයෑමේ දැඩි අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

news images

සමගියට වෙච්ච දේයි ඇතුලට යන අය ගැනයි ඇමති නලින්ද කියපු කතාව මෙන්න…..

https://youtube.com/watch?v=55HVQ23IHTQ%3Fsi%3DzjU93aRj1osz1FTo

නාගදීපයේ තිබෙනවා යැයි විශ්වාස කරන මැණික් පුටුව නැවත ප්‍රතිනිර්මානය කරයි…

https://youtube.com/watch?v=1F6eFv5IbPg%3Fsi%3DjHvlMs_-iBIyC0VK

මහජන උපයෝගීතා කොමිසම ඉස්සරහම විදුලි බල මන්ඩලයෙන් කරන අපූරු වැඩ ගැන අසේල සම්පත් කියලා දෙයි…

https://youtube.com/watch?v=YhBdGMlsNPQ%3Fsi%3Dyy20I1PhOfapArXS

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී, පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ජනපති

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල් විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්, ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක් බවට පත්කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images