සිර දඬුවමට එරෙහිව නලින් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000  සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරු කර වසර 25 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බවයි සඳහන් වෙන්නේ

අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවත් ඒ අනුව අදාල තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළඹ සිට මුම්බායි වෙත ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුවෙයි

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත් මෙම යාත්‍රාව පසුගිය ජුනි 07 වැනි දින කොළඹ වරායෙන් පිටත් වී මුම්බායි බලා යමින් තිබූ අතර, එය මුම්බායි ‘නවා ශෙවා’ වරාය වෙත ජුනි 10 වැනි දින පැමිණීමට නියමිතව තිබූ බවයි සඳහන් වෙන්නේ.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු සිට ඇති අතර, ඉන් 18 දෙනෙකු බෝට්ටු මාර්ගයෙන් නැව අතහැර දමා ගොස් ඇති බවත්, පිපිරීම සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් තුවාල ලබා ඇති බවත් සඳහන්.

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තුවාල ලැබූ කාර්ය මණ්ඩලය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආණ්ඩුවේ උද්දච්චකමයි, වැඩ බැරි ටාසන්ලා ටිකයි එක්ක තමයි ආණ්ඩුවට දුවන්න වෙලා තියෙන්නේ – දයාසිරි

ඉතිහාසයේ කිසිඳු දිනක මේ ආකාරයෙන් වැරදි ලෙස සිරකරුවන් නිදහස් කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

සිරකරුවන් නිදහස් කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් ඇති බවත්, එහිදී වැරදි සිදුවීමේ හැකියාවක් නොමැති බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවේ තිබෙන උද්දච්චකම හා තමන් වැඩ දන්නා බවට සිතා සිටින වැඩ බැරි ‍ටාසන්ලා පිරිසක් සමඟ ආණ්ඩුව කරගෙන යාමට සිදුව ඇති බව ‍ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙම සිදුවීමට හේතුව වන්නේ ආණ්ඩුවේ නොසැලකිලිමත්භාවය බවත්, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි මොවුන් ‘L බෝඩ්කරුවන්’ බවත්, වැඩක් කරන අයෙකුට මේවා මෙලෙස විසඳීමේ අවශ්‍යතාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මෙලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට අද (09) පස්වරුවේ කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමඟ මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති 11 වැනිදා ජර්මනියේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වීමට නියමිතව තිබෙනවා.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව සිදු කෙරෙන මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ද්වි-පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජනය සහ වෘත්තිය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද පැවසෙනවා.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්වීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්.

news images

පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න තහනම් වචන ගැන කියන මන්ත්‍රී ඩී.වී චානක…

https://www.youtube.com/embed/9AvJNLZG2IU?si=WNVQiy_KLOP3wWpa” title=

පක්ෂ විපක්ෂ සියල්ල එක්වෙමින් පස්බාගකෝරලේ ප්‍රාදේශීය සභාවේ වැඩ ඇරඹු අයුරු…..

https://youtube.com/watch?v=R8eJ6xFs0s8%3Fsi%3DRWkbRD9gW94sW73C

දෙමස්සිනාලාගේ ආරවුලකින් මිල්ලනිය කිම්මං තුඩාව යුධපිටියක් වගේ වෙයි..සිද්දියේ දර්ශය මෙන්න…

https://youtube.com/watch?v=ZW4W7BQVeUA%3Fsi%3DciIpNxkb3SDirZqY

රථ ගාල් වලට සල්ලි අය කරන්න අළුත් ප්‍රාදේශීය සභාපතිගේ යෝජනාවෙන් උනුසුම් වුන පොසොන් කමිටු රැස්වීම….

https://youtube.com/watch?v=OdYZxqaDZ00%3Fsi%3DkglGp9Hlxz162yRD

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැදවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී අනාවරණයවී තිබෙන්නේ, ජනාධිපති   පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවයි.