අතරමග නතරකර ඇති නිවාස යෝජනා ක්‍රම යළි ​ආරම්භ කිරීමට අවධානය

අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීම එහි අරමුණ බවයි එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

ජන හා නිවාස සංගණනයේ ද දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බව, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු 8 වනදා යළි ආරම්භ කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

ජනපතිගේ Clean Sri Lanka වැඩ සටහනට හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙනුත් සහය හිමිවෙයි…..

https://www.youtube.com/embed/nwXNs386ABY?si=GJXmmBYJHnSUmvIn” title=

බස් එක ඇතුලෙදී පොලිස් නෝනා තරුණයෙක්ට උගන්නපු අමතක නොවෙන පාඩම…..

https://www.youtube.com/embed/0zj3IKxyUEA?si=-vtOS9WbVz_YaLVA” title=

ඇමති ලාල් කාන්තගේ රාජ්‍ය සේවයේ එන සුනාමි කතාවට පාඨලී චම්පික රණවක දුන්න උත්තරය….

https://www.youtube.com/embed/lRy71Ubcbv0?si=CsjyTIswFY7vuGog” title=

“හාල් හොයාගන්න කඩ පහකට විතර ගියා”කිරි උතුරවලා කිරිබත් කාලම වැඩ ඇල්ලුව සර්ව ජනබලය…

https://www.youtube.com/embed/8w07I3aWl6M?si=ne_4_tX0ijdIztX3″ title=

යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරය සඳහා මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත්කෙරේ‍.

ශ්‍රී ලංකා යුද හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙනවා.

ඔහු යුද හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.

යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙක් වනවා‍.

මාතලේ ප්‍රදේශයේදී උපත ලද ඔහු, මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, 1989 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වී තිබෙනවා.

සීනී කර්මාන්ත ශාලා ආශ්‍රිතව නව ව්‍ය‍ාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට අවධානය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊයේ (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලාවන් හි නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.

කාබනික පොහොර නිෂ්පාදනය හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුවුනු බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමටත්, සීනි නිෂ්පාදනය බෙදාහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත් මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

දැනට ලංකාව තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල ප්‍රධාන අතුරුඑලය වන එතනෝල් යොදාගනිමින් නිශ්පාදනය කළ හැකි මිල අඩු සහ ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයා බලනු ලැබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

චීනයේ HMPV වෛරසය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නො​වේ – වෛද්‍ය චන්දිම ජීවන්දර

චීනයේ පැතිර යතැයි කියන ශ්වසන ආසාදන තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ, ශීත ඍතුවේ දී ශ්වසන ආසාදන ඉහළ යන බවත්, චීනයේද බොහෝ දුරට HMPV වෛරසය නිසා ශ්වසන ආසාදන ඉහළ ගොස් ඇති බවයි.

HMPV යනු නව වෛරසයක් නොවන බවද, එය සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ශ්වසන ආසාදන ඇති කරවන බවද,  රෝග ලක්ෂණ දරුණු නම් හෝ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවන්නේ නම් මිස මහජනයා අතර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දෙනවා.

HMPV නිසා ශ්වසන ආසාදනවල වැඩිවීමක් ඇති කරන නමුත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර තවදුරටත් සඳහන් කර ඇත්තේ‍.

සමහර සමාජ මාධ්‍ය සටහන් මගින් මෙය අර්බුදකාරී තත්ත්වයක් ලෙස හුවා දක්වා ඇති නමුත්, චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසා සිටින්නේ.

6778e9018f48b 6778e8fec387c

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ක් ජනවාරි මාසය තු​ළ නිකුත් කිරීමට පියව​ර

මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර සියල්ලම මාසයක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසනවා‍.

ඒ අනුව මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000 ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

ආයතන තුළ මේ වනවිටත් ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේදයන් වෙනුවට, වඩාත් කාර්යක්ෂම සහ නවීන ක්‍රමවේදයන් යොදා ගනිමින්, මෙම ආයතනය වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ලබා දෙන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.