ආණ්ඩුවේ බොරුවලට රැවටුනු මිනිස්සු අද කැරළි ගසන තත්ත්වයකට පත්වෙලා – ගාමිණී ලොකුගේ

ආණ්ඩුවට රැවටුනු මිනිසුන් කැරළි ගසන තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසනවා.

ආණ්ඩුව පත්වූ දිනයේ සිටම බොරුවෙන් කටයුතු කරන බවත්, ජනතාවට දිනෙන් දින ජීවත්වීමට අපහසු තත්ත්වයකට පත්වී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා අද (08) සඳහන් කළේ.

ඕනෑම චෝදනාවක් ගැන විභාග කිරීමට ආණ්ඩුවට අවස්ථාව තිබෙන බවත්, කිසිඳු බාධා කිරීමක් සිදු නොකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආණ්ඩුවේ ගමන් මග ගැන දැන්ම කියන්න බෑ, තාම මාස තුනයිනේ – මෛත්‍රී

තවම මාස 03 ක් පමණ ගතවී ඇති නිසා ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව වත්මන් ආණ්ඩුව ටික කාලයක් පාලනය කළ පසු ජනතාව එය තේරුම්ගනු ඇති බවයි අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

තමන් දේශපාලනයෙන් සමුගෙන නොමැති බවත්, තමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බස් රථවලින් ඉවත් කරන්නේ මාර්ග අනතුරුවලට දායකවෙන අලංකරණ කොටස් පමණයි – මහජන ආරක්ෂක ඇමති

බස් රථවල ඇති සියලු අලංකරණ කොටස් ඉවත් කිරීමක් සිදු නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව මාර්ග අනතුරුවලට දායක වන කොටස් පමණක් ඉවත් කිරීම සඳහා උපදෙස් ලබාදෙන බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සියලු පාර්ශව සඳහා මාස තුනක කාලයක් දැනුවත් කිරීම් කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අනතුරුදායක කොටස් ඉවත් කිරීම සඳහා බස් රථ හිමියන්ද එකඟතාව පළකර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මැතිවරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්

2024 මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කරන  ෙලෙසවැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ආදායම් වියදම් වාර්තා මෙතෙක් භාර දීමට ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිතුමා වෙත යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන් හි කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශ මගින්, නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කොට්ඨාස භාර නිලධාරීන් විසින් 2025.01.31 වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බස් ඇතුළේ තරු පහේ හෝටල් වගේ හදන කල් බලන් හිටිය පොලීසිය තමයි දැන් බස් Clean කරන්නේ – දයාසිරි

බස් රථ අලංකරණය සම්බන්ධයෙන් මෙතෙක් කලක් නීති තිබිය දී, පොලීසිය ඒවා ක්‍රියාත්මක කිරීමක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

නීති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාම ප්‍රකාශ කළ යුතු නැති බවයි අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

බස් ඇතුළත මල් මාලා එල්ලා, තරු පහේ හෝටල් මෙන් සාදන තුරු බලා සිටි පොලීසිය, දැන් ඒවා ඉවත් කිරීමට පටන්ගෙන ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ වී තිබෙනවා.

චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය අද සිට ජනවාරි 10 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නිරීක්‍ෂණයට ද එක්වූ අතර, මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින්, ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

677e2f91a4f4apdf_page_0

විදුලි ව්‍යාපෘතිය නවතා ඉඩම් අයිතියත් උදුරා ගන්න උත්සහ කරනා .. අමාත්‍යවරයෙක්ට ජනතාවගෙන් චෝදනාවක්….

https://www.youtube.com/embed/8AOk-Kmkfos?si=0Mq19r5CuOfPMh9a” title=

“ක්ලීන් ශ්‍රී ලංකා නිසා අපේ බඩත් ක්ලීන් වෙයිද ? වාහන අලංකාර උපකරණ වෙළඳසැල් හිමියන්ගෙන් මැසිවිල්ලක්.

https://www.youtube.com/embed/fTSrTCJ8nfk?si=f2vyRqoTaXwp_NM0″ title=

බය වෙන්න එපා යන්නේ හරක් ගාලකට නෙමෙයිනේ ගෙදර නේ බුද්ධ ශාසන ඇමතිගේ මූනටම වනවාසී රාහුල හිමියන් කියපු දේ

https://www.youtube.com/embed/WyFTfmkffng?si=9T-tq9l_TkS3TH8z” title=

“ගෙන්නපු රතු කැකුළු හාල් බල්ලෙක්ටවත් කන්න බැහැ” වෙලද ඇමතිට අසේල හොදට කියලා දෙයි…..

https://www.youtube.com/embed/P8P1JxsA36w?si=DBIetjYpsWqeogli” title=