රුපියල් ලක්ෂ 60කට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ල කෑ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

නිවසක් බිඳ මුදල් හා රන් භාණඩ කොල්ල කෑ සැකකරුවන් සිව් දෙනෙකු කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් රාත්‍රී කාලයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 62කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් රුපියල් 267,000/-ක් කොල්ලකා පලාගොස් තිබු බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව පසුගිය 11 වැනි දින සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් කරුණු මත ගම්පොල හා සාම්පුර් ප්‍රදේශයේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද රන් භාණ්ඩවලින් කොටසක් සහ අපරාධය සිදුකර පලායාමට උපයෝගී කරගන්නා ලද මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ශෙයාර් එක 100% ක් ඔබ තියාගන්න..එ වෙනුවට ඇමති වසන්ත ආයෝජකයින්ගෙන් ඉල්ලපු දේ……

https://www.youtube.com/embed/ybGKNDn9wUA?si=zjTLNhP7yqlXe8JA” title=

ඡන්දයක් එනවනේ අපි බලමුකෝ ප්‍රසාදය අඩුවෙලාද ? වැඩි වෙලාද ? නියෝජ්‍ය ඇමති ටී.බී සරත් ….

https://www.youtube.com/embed/6ahOoDsZchs?si=8s5GX5oHShqql-ZR” title=

ජනපති චීනයට පිටත්ව යයි

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

චීන ජනාධිපති Xi Jinping ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) හමුවීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

67852efd38d05pdf_page_0

දවුලගලදී සිසුවියක් පැහැරගත් තරුණයා අත්අඩංගුව​ට

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවියව අම්පාර බස්නැවතුම් පොළේ බස්රථයක සිටියදී සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අද (13) උදෑසන මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක නැඟ සිටියදී පැහැරගැනීම සිදුකළ පුද්ගලයා හා අදාළ පාසල් සිසුවිය පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් මේ වනවිට තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඇමෙරිකාවේ ලැව් ගිනි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව හමන දැඩි සුළං ධාරා හමුවේ ඉදිරි දින කිහිපයේදී එය තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එසේම ලැව්ගිනි හේතුවෙන් පැලිස්ඩේස් ප්‍රදේශයේ අක්කර 23,000 කට අධික භූමි ප්‍රමාණයක් ද, ඊටන් ප්‍රදේශයේ ගින්නෙන් අක්කර 14,000 කට අධික භූමි ප්‍රමාණයක්ද විනාශ වී ඇති බවද සඳහන්.

බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා එළැඹෙන 14 වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි මස 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන් මෙම විශේෂ අවස්ථාව හිමිවන බවයි සඳහන් වෙන්නේ.

එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3,500 කට සෞදි අරාබියේ සත්කාරකත්වය ලබාදෙයි

මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3,500කට සෞදි අරාබියේ සත්කාරකත්වය හිමිවන බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වනවිට ඊට අදාළ ගිවිසුමකටද එළැඹ ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

සෞදි හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ප්‍රධාන ජලාශ 27 ක් පිටාර මට්ටමට පැමිණෙයි

ප්‍රධාන ජලාශ 73 න් 27 ක් මේ වනවිට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10 න් 07 ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු පී.එස්.ඩී හේරත් සඳහන් කළා.

අම්පාරේ ප්‍රධාන ජලාශවලින් තුනක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7 න් 3 ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟා වී ඇති බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4 න් 3 ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී ඇති අතර, හම්බන්තොට ප්‍රධාන ජලාශ 10 න් දෙකක් පිටාර මට්ටමට ළඟා වී ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකෙන් එකක් පිටාර මට්ටමේ ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3 න් 2 ක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10 න් එක් ජලාශයක් වාන් දමමින් පවතින බවත්, මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ 3 න් දෙකක් වාන් දමමින් ඇති බවත්, පොළොන්නරුවේ ද ප්‍රධාන ජලාශ 4 න් එකක් වාන් දමමින් තිබෙන බවත් පී.එස්.ඩී හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.