“එතුමා මහින්ද රාජපක්ෂ ගොඩක් අයට අද ඒක අමතක වෙලා” ජනාධිපති කියපු දේට නාමල් දුන්න ප්‍රතිචාරය…

https://www.youtube.com/embed/-aNMxyJYp00?si=vaiqO_i-eZPTER5t” title=

රියැදුරන් විභාග සඳහා සූදානම් වන නිසා අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද (18) දිනයේත් දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියැදුරන් සූදානම් වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.

කෙටි ගමන් සේවා යටතේ කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය 06 ක් සහ කොටුව සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය 06 ක් මෙලෙස අවලංගු කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන බැවින් සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදුනොවනු ඇති බවද සඳහන් වෙනවා.

දුම්රිය රියදුරු ⁣හිඟය හේතුවෙන් ඊයේ (17) දිනයේද දුම්රිය 25 ක් පමණ අවලංගු කිරීමට සිදුවුණ‍ා.

පොලිසියට නව නිලධාරින් 9,000 ක්

පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ වනවිට 75,000කට ආසන්න පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් පොලිසියේ රාජකාරියේ නිරතව සිටිනවා.

ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙන බවත්, නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මාඋස්සාකැලේ වතු නිවාස පෙලක ගින්නකින් නිවාස 08 ක් විනාශ වෙයි

මස්කෙළිය, මාඋස්සාකැලේ ප්‍රදේශයේ වතු නිවාස පෙලක ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස 08ක් ගිනිගෙන විනාශ වී ඇති බව මස්කෙළිය පොලීසිය පවසනවා.

මෙම ගින්නෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැති බවයි සඳහන් වන්නේ.

මෙම වතු නිවාස පේළියෙහි නිවාස 12 ක් පැවති බවත්, වතු කම්කරුවන්, පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් එකතු වී එහි පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට සමත් වූ බවයි වාර්තා වෙන්නේ.

ගින්නෙන් විනාශ වූ නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි සඳහන් වන්නේ.

විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්නට ඇති බවයි මස්කෙළිය පොලීසිය සැක පහළ කරන්නේ.‍

ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවාව විධිමත් නියාමනයකට යටත් කරන්න – ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය

සීගිරිය වැනි සංචාරකයන් බහුලව ගැවසෙන, සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශවලින් කුලී ගමන් (hire) ලබා ගැනීමේදී ත්‍රිරෝද රථ රියැදුරන්ට අඩත්තේට්ටම් හා හිරිහැර වන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.

මෙම තත්ත්වය දැන් උත්සන්න වී ඇති බවයි මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු පවසා සිටියේ.

මෙයට හේතුව වන්නේ ත්‍රිරෝද රථ කර්මාන්තය නිසි නියාමනයකින් තොරව අවුරුදු 45 ක් තිස්සේම අයාලේ යෑම බවත්, සමස්ත ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවාවම සියළුම පාර්ශ්වයන්ට උපරිම ඵලදායී අයුරින්, විධිමත් නියාමනයකට යටත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කර සිටියා.

වර්තමානයේ නව තාක්ෂණය අනුව App මගින් ත්‍රිරෝද රථ සේවාව පවත්වා ගෙන යන බවත්, සමාජයේ පවතින වෙනස්කම් වලට අනුරූපීව ත්‍රිරෝද රථ කර්මාන්තය ද අනුවර්තනය විය යුතු බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.‍

තවමත් ‘සමහරක්’ ත්‍රිරෝද රියදුරන් සුපුරුදු ලෙස පරණ විදියටම ඇඟේ හයියෙන්, කටේ හයියෙන්, චණ්ඩිකමෙන් මේ තත්ත්වයට මුහුණ දීමට සිතා සිටින බවද, ඒවා කල් පවත්වාගෙන යා නොහැකි බවද, පවතින ක්‍රමයට අනුගත නොවීම නිසා වඳ වී යෑමට සිදුවනු ඇති බවද ඔහු පවසා සිටියා.

නව තාක්ෂණයෙන් ලෝකය ඉදිරියට යද්දී, එයට පයින් ගසා සුපුරුදු ලෙස ගසාකෑම, සූරාකෑම පවත්වාගෙන යෑමට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම්, තම සංගමය එයට විරුද්ධ වන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

ගාසා සටන් විරාමයට ඊශ්‍රායල රජයේ අනුමැතිය හිමිවේ

ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම ඊශ්‍රායල රජය විසින් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය තීරණය කිරීමට නියමිතව තිබුණු අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

ඒ සඳහා ඇමතිවරුන් 24 දෙනෙකු විසින් ඡන්දය ප්‍රකාශ කර ඇති බවත්, අට දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අනුව ඉරිදා සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ගිවිසුම අදියර තුනකට බෙදා ඇති අතර, ඊශ්‍රායල සිර ගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් ගණනාවක් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කිරීමෙන් එය ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රදේශයට බෝම්බ හෙලීම අඛණ්ඩව සිදුවී ඇති අතර, සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් කාන්තාවන් සහ ළමුන් 65 ක් ඇතුළුව පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් ඇති බවයි හමාස් විසින් මෙහෙයවන සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසන්නේ.

රනිල් – සජිත් එකතුව වෙයිද ? විපක්ෂ නායකවරයාගෙන් දෙපැත්තටම නැති උත්තරයක්……

https://www.youtube.com/embed/Tisdbzzzgd0?si=GS_7ssi-TvZDvV_4″ title=

නාමල්ටත් හිනා නොවී බැරිවුන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියපු දේ…..

https://www.youtube.com/embed/sclRghYZYNI?si=kaiArnCfnSbXOFvj” title=

“අපි හැමදේම පටලවා ගෙන” මැදගොඩ අබේතිස්ස හිමියන් කියු ඇසිය යුතුම කතාව….

https://www.youtube.com/embed/1z24IOf1QeM?si=KpL82g2d7gT8Jmtz” title=