නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලිසියෙන් 1,650 ක්

නිදහස් දින සැමරුම් උත්සවයේ හා එහි පෙරහුරුවල ආරක්ෂාව සඳහා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 1,650ක ප්‍රමාණයක් අනියුක්ත කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධා නොවන අයුරින් එම පෙරහුරු සහ ප්‍රධාන උත්සවය පැවැත්වීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව, නිදහස් දින සැමරුම් පෙරහුරුව වෙනුවෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිතව අද උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය විසින් ජනතාවට දැනුම් දෙනු ලබනවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරු සඳහා අයදුම්පත් කැඳවයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවිය ඔස්සේ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බවයි සඳහන් වන්නේ.

ඊයේ (31) දිනයේ සිට ලබන මාර්තු 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ‍‍.

බෞද්ධාලෝක වෙසක් කලාපය පිළිබඳව ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සාමාජිකයන් අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවර 24 වැනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි සඳහන් වන්නේ.

මේ අනුව බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වය ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ජනාධිපති ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.

679d819449e6dpdf_page_0

කොටස් වෙළෙඳපොළ අගය ජනවාරියේදී 7%කින් ඉහළට

මෙම වසරේ ජනවාරි මාසය තුළදී 7.39% ක වර්ධනයක් ලඟා කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබෙනවා.

ඒ අනුව 2025 වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය, ඊයේ (31) දිනයේ සියලු ගනුදෙනු අවසානයේ දී ඒකක 17,122.7 ක් දක්වා ඉහළ ගොස්, මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ලෙස සටහන් වී තිබුණා.

එසේම, ඊයේ දිනයේ දී රු. බිලියන 5.15ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් ද වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ලිංගික අතවර චෝදනාවක​ට අත්අඩංගුවට

කාන්තා පොලිස් නිලධාරිනියක් හට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

IOC සහ SINOPEC සමාගම්වලත් සුපර් ඩීසල් මිල ඉහළ

ලංකා IOC සහ SINOPEC සමාගම්වල ඉන්ධන මිලද සංශෝධනය කිරීමට එම සමාගම් කටයුතු කර තිබෙනවා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමාන වන පරිදි සුපිරි ඩීසල් මිල සංශෝධනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව සුපර් ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 18 කින් ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර ඇති අතර නව මිල රුපියල් 331 ක් ලෙසයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොස්ගොඩදී වැරදුන ඝාතන තැත හිරවුන ගිනි අවියත් දමා වෙඩික්කරු පැන යයි…..

https://www.youtube.com/embed/YZknxL6JoUU?si=hdbFNQ_Sk-nh01n0″ title=

හොරු ඔක්කෝම අල්ලනවා ඉතුරු කරන්නේ නැහැ අල්ලන හොරු ගැනයි ජනවරමේ වටිනාකම ගැනයි ඇමති බිමල් කියයි….

https://www.youtube.com/embed/adLlCvBFAb8?si=MVhvhLmZtLspBW1i” title=

“ගෙදර හදපු වෙලාවයි හොද නැත්තේ” මහින්දගේ නිවස ගැන එස්.බී කට අරියි. කියපු කතාව මෙන්න…

https://www.youtube.com/embed/j0GkQeTZrFY?si=cAFYTtd_BiuqcSYC” title=

යාපනයේදී අත්අඩංගුවට පත්වූ මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට ඇප හිමිවෙයි….

https://www.youtube.com/embed/eqDAVyU-Pko?si=VI3M1WPcW78pW1O5″ title=