https://www.youtube.com/embed/DpbZq2Oj9Uo?si=OLNSnEC0Shur2z9L” title=
Author: Supun
යූ ටියුබ් අයියලා මොනවා කිව්වත් ගමන අපි යනවා කියන අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර…
https://www.youtube.com/embed/0MJByGeQ_pQ?si=rQisyhFP0FBPX0sS” title=
ජනතාවට ආධාර ලෙස බෙදීමට ලැබුණු ආහාර කිලෝ ලක්ෂ 15 ක් කල් ඉකුත්වී තිබියදී සොයාගැනේ
ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ කසකස්ථානය, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් මෙරටට ලබාදී තිබූ මෙම ආහාර තොගය දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාදීම සඳහා ගබඩා කර තිබී ඇති බවයි සඳහන් වෙන්නේ.
නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ගෙයක් නැත්නම් ගෙයක් දෙන්නම්, හැබැයි ඕක නම් දෙන්නේ නැහැ – ජනපති
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු අතර ඒ වෙනුවට අවශ්‍ය නම් ඔහුට උචිත නිවසක් ලබාදීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජීවත් වන විජේරාමයේ පිහිටි නිවස කිසි ලෙසක ඔහුට ලබා නොදෙන බවයි ජනහමුවකට අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
හිටපු ජනාධිපතිවරුන්ට කැපකිරීම් සිදු කරන ලෙස ප්‍රකාශ කළ අතර ඔහුගේ නිවස රජයට බරක් බවත්, නිවසින් ඉවත් වන ලෙස පැවසූ පසු තමන්ව එළියට දැමීමට කටයුතු කරන බවට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශව ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
එය කිසිඳු පළිගැනීමක් නොවන බවත්, මහජන මුදල් නාස්ති නොකර නිවස ලබා දිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ලෝක තෙත් බිම් දිනය අදයි
ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව, “අනාගතය උදෙසා තෙත්බිම් සුරකිමු” යන්න බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කළේ.
1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹුනු අතර ශ්‍රී ලංකාව, ඊට අත්සන් තැබුවේ, 1991 වසරේදීයී.
ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් හෙට (03) පරිසර අමාත්‍යංශය මඟින් සංවිධානය කිරීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක් වෙන් කෙරේ
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483 ක් වෙන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
“නාමල් සමග ගමින් ගමට” අද සිට ඇරඹේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන අද (02) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික වතාවක් සිදුකර මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ.
මෙම වැඩසටහනේදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් මෙන්ම ආණ්ඩුව සිදුකරන මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
යෝෂිත රාජපක්ෂ ගිනිඅවි 7ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙයි
සිවිල් පුද්ගලයින් සඳහා රජය නිකුත් කළ ගිනි අවි 180ක් සම්බන්ධයෙන් තොරතුරු ඒ පිළිබඳ සිදු කළ විගණනයට ඉදිරිපත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එලෙස ඉදිරිපත් නොකළ ගිනි අවි බලපත්‍රලාභීන්ට එරෙහිව තුවක්කු ආඥා පනතින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
එසේම යෝෂිත රාජපක්ෂ මහතා තමන් සතුව තිබූ ගිනිඅවි 7 ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලීන් හේරත් සඳහන් කළේ.
සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි රජය වෙත භාරගැනීමේ වැඩසටහන යටතේ, යෝෂිත රාජපක්ෂ මීට පෙර භාර දී තිබුණේ ගිනි අවි 5 ක් පමක් වන අතර පසුව අනෙතුත් දෙකද භාරදී තිබෙනවා.
වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් වාර්තා වෙනවා – වෛද්‍ය බුද්ධික සෝමවර්ධන
වාර්ෂිකව මෙරටින් පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසනවා.
ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
එසේම වසරකට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් පිළිකා රෝගයට ගොදුරු වන බවද, ඒ අතරින් ලියුකේමියා රෝගීන් 30% ක් සහ මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගීන් 25% ක් සිටින බවද වාර්තා වෙනවා.
කෙසේ වුවත්, පිළිකාවලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බවයි විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ආනයනය කිරීමෙන් ලුණු මිල ඉහළ යන්න පුළුවන් – ටී.කේ. නන්දන තිලක
ලුණු ආනයනය කිරීමත් සමගම, ලුණු මිල ඉහළ යනු ඇති බව හම්බන්තොට සෝල්ට් ලිමිටඩ් සමාගමේ සභාපති ටී.කේ. නන්දන තිලක පවසනවා.
ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමේ පිරිවැය වැඩිවීම මෙම මිල ඉහළ යාමට හේතු වන බවයි සඳහන් වන්නේ.
මේ නිසා, මේස ලුණු ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 120 ක් වනු ඇති බවත්, කැට ලුණු කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 100 කට අලෙවි කිරීමට අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
