ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් – රජය

gosl-government-archived

මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය (International Sovereign Bonds – ISB) සම්බන්ධයෙන් පසුගිය සති තුන පුරාවට ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ පැවති සාකච්ඡා අවසන් කළ බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

බාහිරට අනාවරණය නොවන ලෙස පැවති මෙම සීමාකාරී සාකච්ඡා (restricted discussions) සඳහා බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් 9 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් (Steering Committee) සහභාගී වී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

661f21910c6a8pdf_page_0