අද බස් වැඩි ධාරිතාවයකින් ධාවනය කරනවා – පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම​ය

bussl

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.