පසුගිය දා හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය අසලදී සංගීත සංදර්ශනයක් බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

accident

ගල්පාත චන්දන පෙරේරා

පසුගිය දා හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය අසලදී සංගීත සංදර්ශනයක් බලා පැමිණෙමින් තිබූ වෑන් රථයක් සහ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි හොරණ පොලිසිය පවසයි.

මෙසේ අනතුරුට පත්ව ඇත්තේ
වෑන් රථය සහ මෝටර් රථයකි හොරණ නගරයේ තිබූ සංගීතයක් ප්‍රසංගයක් අවසන් වී පාදුක්ක දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථය හොරණ අරමුණාගොල්ල සුරාබදු කාර්යාලය ඉදිරිපිටදී අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් තරුණයින් හතර දෙනකු අනතුරෙන් බරපතල තුවාල ලබා ඇති අතර තරුණයින් සියලු දෙනාම වයස අවුරුදු 17, 18 ,19 වන මොරගහහේන,ඔලබොඩුව ප්‍රදේශයවල තරුණයින් වේ. තුවාල කරුවන් හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.
වෑන් රථය අධික වේගයෙන් පැමිණ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් විරුද්ධ පස හොරණ දෙසට ගමන් කරමින් තිබූ කාර් රථයේ බඳ ප්‍රදේශයේ වැඩි නැවත අසල නිවාසයක ආරක්ෂිත බැම්මට සහ දුරකථන කණුවකද වැදී පාරට දෙසට කැරකී නැවතී ඇත. පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් පැයක පමණ කාලයක් වෑන් රථයේ හිරවීම සිටි තුවාලකරුවන් මහත් පරිශ්‍රමයක් දරා හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හොරණ රථවාහන ස්ථානාධිපති උ.පො.පා විමල් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පො.සැ 60503 දිමුතු කො.කො 87785 කුමාර යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවයි.