පෙර වසරවලට සාපේක්ෂව අවුරුදු අනතුරුවල අඩුවක්

awurudu

ඊයේ (14) දිනය වන විට විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බවත් ගිණිකෙළි අනතුරු කිසිවක් 13 වන දින වාර්තාවී නොමැති බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.

ඒ අනුව පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.