ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් – ජනපති

ranil-75-meet[1]

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් බවත් අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම, කැලැන්ඩර අවුරුද්දට අලුත් වීම, සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුනට ලැබී ඇති අවස්ථාවන්හි අලුත් වන බවත් මේ හැම අලුත්වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් වන අතර ඒ සමාජ සබඳතාවය සහ සාමුහිකත්වය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මගක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමුහිකත්වය බවයි ජනාධිපතියරයා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරන්නේ.

661add82278d7