අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු – සජිත්

1649914675-sajith-premadasa-OL

අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන මෙදින සියලු දෙනා එකම නැකතක සිට එකම කාර්යයක නියැළෙන අතර මෙකී චාරිත්‍රය නිසාම ලෝකයේ සෙසු රටවල් අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉතා ප්‍රචලිතව ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

සියලු ජනතාව මෙදින තමන්ට හැකි උපරිම අයුරින් මෙකී චාරිත්‍ර ඉටු කරන්නේ ඉදිරි වසරේ සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙනි. නමුත් පසුගිය කාලවකවානුව ලක්වාසී ජනතාවට එතරම් හොඳ කාලවකවානුවක් නොවූ බවද ඔහු පෙන්වා දෙනවා.

බදු බර වැඩි වීම, බඩු මිල ඉහළ යෑම, රටේ අභ්‍යන්තර අර්බුද ආදි ගැටලු රාශියකට රට මුහුණදුන් අතර මේ වන විට මැතිවරණ වසරක් ද උදා වී ඇති බවත් මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රට තුළ බිහි වී නැවතත් අප මාතෘභූමියට සෞභාග්‍යය උදාවනු ඇති බවට තමාගේ විශ්වාසය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරන්නේ.