තිරප්පනය – උලගල්ල වැවෙන් මලසිරුරක් සොයා ගැනේ.

death

24-03-20
කැකිරාව කුෂාන් ජයවර්ධන

තිරප්පනය – උලගල්ල වැවෙන් මලසිරුරක් සොයා ගැනේ.
============

තිරප්පනය උලගල්ල වැවේ තිබී අභිරහස් ලෙස ලෙස මිය ගිය පුද්ගලයකු ගේ මළ සිරුරක් අද (20)දහවල් සොයා ගත් බව පොලිසිය කියයි.
තිරප්පනය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එම වැව තුළ දී අද(20) සිදුකළ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබිණ‍
මිය ගොස් ඇත්තේ තිරප්පනේ ඇතුන්ගම දකුණ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි ඉඳිප්පුලිහේවගේ සුජිත් නිශාන්ත නමැති 33 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. පෙදරේරැවකු ලෙස වෘත්තීය කටයුතු වල නිරතව ඇති ඔහු සහෝදරයින් 07 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. පවුලේ බාලයා වූ ඔහු සිය මව රැක බලා ගනිමින් ජීවත් වූ ආයකු බවද පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා මසුන් ඇල්ලීම සදහා යන බව පවසා ඊයේ රාත්‍රී නිවසින් පිටව ගොස් ඇති බව සිදු කළ මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණය කර ගෙන තිබේ. ඒ අනුව අද පෙරවරුව වන තෙක් ඔහු යළි නිවසට නොපැමිණිම නිසා එම මව හා අසල්වාසී පිරිස් සිද්දිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසියට දැනුම් දීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව අනුරාධපුර කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකයේ නිලධාරීන්ගේ සහය ලබා ගනිමින් තිරප්පනය පොලිසිය හා උලගල්ල ප්‍රෙද්ශවාසීන් එක්ව අද දහවල් උලගල්ල වැව තුළ සෝදිසි මෙහෙයුමක් දියත්ත කර තිබිණ. එම සෝදිසි මෙහෙයුමේ දී අදාළ පුද්ගල මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. සිද්දිය සැලවිමත් සමග එම මල සිරුර දැක බලා ගැනීමට විශාල පිරිසක්ද එම ස්ථානයට එක්රොක්ව සිටියහ.
මසුන් ඇල්ලීම සදහා වැවට බැස ඇති ඔහු වැව් දියේ ගිලීමෙන් මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වූ ඉදිරි වැඩි දුර විමර්ශණ ප්‍රෙද්ශයේ උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව තිරප්පනය පොලිස් ස්ථානාධීපතිවරයාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වනවිට ආරම්භ කර තිබේ. .