මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.

dharma

මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.

ලැබුණු ජනවරමට පිටුපාමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර ඇත.

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ නැවත නිවැරදි කරගත නොහැකි තත්වයට රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත් බවට
ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට මෙම සංඝ ආඥාව නිකුත් කර ඇත.

සියම් මහානිකායේ මල්වතු, අස්ගිරි, කෝට්ටේ, රෝහණ ඇතුළු පාර්ශ්වයන්ගේ හා අමරපුර මහානිකායේ මෙන්ම රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය, විද්‍යාලංකාර පරිවෙණාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරමින් මෙම සඟ සමුළුව පවත්වන ලදී.