මඞාටුගම මහවැලි කොට්ඨාස කාර්යාල සේවකයින්ගේ සේවාව මහවැලි අධිකාරියේ ඇගයීමට ලක් වේ.

WhatsApp Image 2024-02-13 at 13.04.33 (4)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හුරුළුවැව කලාපයට අයත් මඞාටුගම මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනියුක්තව සේවය කරන නිලධාරීන්ගේ සේවා ව හුරුළුවැව නේවාසික ව්‍යාපාර කළමනාකාර වරයා ගේ ඇගයීමට ලක් කෙරිණ.
මඞාටුගම මහවැලි කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ දී පැවැති එම සේවා ඇගයීම් උත්සවය, මහවැලි හුරුළු කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකාර උභය කල්‍යාන කුමාර හා මඩාටුගම කොට්ඨාස කලමනාකාරිණි ශාන්ති පද්මලතා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම ඇගයිම් වැඩසටහන යටතේ මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයට අනියුක්තව සේවය කරනු ලබන සුළු සේවකයින්, රියදුරුවරුන්, ආරක්ෂක නියාමකවරුන්, ලිපිකරුවන්, ඒකක කළමනාකරුවන්, කළමනාකරුවන්, ඇතුලු එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මහවැලි අධීකාරියේ අරමුණු ජය ගැනීම සදහා එම ගොවි ජනතාව වෙනුවෙන් ඒ ඒ අංශ වල දී ඔවුන් විසින් සිදුකරනු ලබන සේවය මෙහිදී නේවාසික ව්‍යාපාර කලමනාකාර වරයාගේ ඇගයිමට ලක්විණ. මෙලෙස සේවා ඇගයීමට ලක්වූ එම ඇතැම් මහවැලි සේවකයෝ විශ්‍රාම යාමට ද ආසන්න වයසේ පසුවන අය වන අතර එම කාර්යාලයේ නිලධාරීන්ගේ සේවය මෙලෙස ඇගයීමකට ලක්ව ඇත්තේ ප්‍රථම වතාවට වීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අරමුණු හා ඉලක්ක ජය ගැනීම සදහා වන ගමනේ දී මඩාටුගම මහවැලි කොට්ඨාස කලමනාකරණ කාර්යාලයට අනියුක්තව ඊට කැපවී කටයුතු කරන නිලධාරීන් ඇතුළු එම කාර්යාල කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 41 දෙනෙකු මෙහිදී මහවැලි අධිකාරයේ සේවා ඇගයීමට ලක් කෙරිණ. එම නිලධාරීන් හා සේවකයින් වෙනුවෙන් ඔවුන්ගේ සේවය අගයමින් ඔවුන් වෙත සහතික පත් ලබා දීම මෙන්ම පදක්කම් පැළදවීම ද මෙහිදී මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා අතින් සිදු කෙරිණ.
උත්සවයට එක්වූ මහවැලි හුරුළු කලාපයේ නේවාසික ව්‍යාපාර කලමණාකාර උභය කල්‍යාන කුමාර මහතා එහිදී ඔවුන්ගේ සේවය අගයමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉලක්ක ගත අරමුණුසපුරා ගැනීමේදී මහවැලි ජානපදික ජනතාව වෙනුවෙන් වූ සේවාවන් වලදී තමන් වෙත පැවැරුණ රාජකාරිය කටයුතු වගකීමෙන් , නොබියව, නොපැකිලව, විවිධ බාධක හා දුශ්කරතා මැද නොපිරිහෙළා මෙතෙක් ඉටු කරනු ලැබීම වෙනුවෙන් මඩාටුගම මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සේවක මහත්ම මහත්මීන්ගේ සේවය මෙලෙස ඇගයීමට ලක් කෙරෙන බවයි.
මඩාටුගම මහවැලි කොට්ඨාස කළමනාකාරිණී ශාන්ති පද්මලතා මහත්මිය. ඇතුලු පිරිසක් විසින් එම වැඩසටහන සංවිධානය කර තිබිණ.

WhatsApp Image 2024-02-13 at 13.04.34 WhatsApp Image 2024-02-13 at 13.04.32 (1) WhatsApp Image 2024-02-13 at 13.04.32 WhatsApp Image 2024-02-13 at 13.04.33 (1) WhatsApp Image 2024-02-13 at 13.04.33 (2) WhatsApp Image 2024-02-13 at 13.04.33 (3) WhatsApp Image 2024-02-13 at 13.04.33 (4) WhatsApp Image 2024-02-13 at 13.04.33 (5) WhatsApp Image 2024-02-13 at 13.04.33 (6) WhatsApp Image 2024-02-13 at 13.04.33

24-02-13
කැකිරාව කුෂාන් ජයවර්ධන