සමාජ මාධ්‍යයෙන් අපිට මඩ ගහපු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා – ටිරාන් අලස්

tiran-alles-nn

සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන් සිදුකළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයා “අපිට මඩ ගසන පුද්ගලයෙක්” බවත් ඔහුට මුදල් දී ඇත්තේ දේශපාලඥයෙක් බවට ඔහු කටඋත්තරයක් ලබා දී ඇති බවයි.

දේශපාලඥයින්ට, රජයට, පොලිස්පතිතුමා ඇතුළු පිරිස් වෙත මඩ ගැසීම සඳහා සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් සඳහන් කළා.