පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20 ක් මරුට

pakistan-blast

පාකිස්තානයේ Balochistan පළාතේ බෝම්බ පිපිරීම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිට සිදුවූ පළමු පිපිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

දෙවන පිපිරීමෙන් කිලෝමීටර් 150ක් මණ දුරින් පිහිටි කිල්ලාහ් සයිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති අතර එහිදී පුද්ගලයින් 8 ක් පමණ මියගොස් ඇති බවද සඳහන්.

පිපිරීම් දෙකෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.