විදුලි සංදේශ සේවා ගාස්තු හෙට සිට 3% කින් ඉහළට

mobile-phone-gg (2)

වැට් බදු සංශෝධනය සමඟ හෙට (01) සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසනවා.

ඒ අනුව 15% ක්ව පැවති වැට් බද්ද 18% ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද 3% කින් ඉහළ නැංවෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බවයි දුරකථන සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.