නොරොච්චෝලේ ඉතිරි ජනන යන්ත්‍ර දෙකත් මේ මාසයේ ජාතික පද්ධතියට

norochcholai

නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර දෙක මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසනවා.

තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිටත් ජාතික පද්ධතියට එක් කර ඇති බවයි ඔහු පවසා සිටියේ.

රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ පළවන ජනන යන්ත්‍රය අක්‍රිය වූ අතර, නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වනවිට අක්‍රීයව පවතිනවා.