O/L ප්‍රතිඵල දින දෙකක් තුළ නිකුත් කිරීමට කටයුතු කරනවා – අධ්‍යාපන ඇමති

exam-new-1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

ඒ අනුව 2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.