ක්‍රිකට් නඩුව යළිත් දෙසැම්බර් 05 දක්වා කල් යයි

court-2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සදහා අතුරු කමිටුවක් පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් දෙසැම්බර් 05 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.

ඒ අනුව, එදිනට ඒ සම්බන්ධයෙන් සිය තත්ත්වය ඉදිරිපත් කරන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට අධිකරණය දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අධිකරණයට දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.