සබරගමුව විශ්විද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

sabaragamuwa-university

සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත පත්කර තිබෙනවා.

ඔහු එම විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව නොවැම්බර් මස 02 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක කාල සීමාවක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.