මොරොක්කෝවේ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 296 ක් ජීවිතක්ෂයට

morokko-earthquake

ඊයේ (08) රාත්‍රියේ මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

භූ කම්පනයෙන් හේතුවෙන් පුද්ගලයන් 296 ක් ජීවිතක්ෂයට පත් ව ඇති බවද, පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

මොරොක්කෝවේ මාරකේෂ් ප්‍රදේශයට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් දුරින් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.