පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය නැවත ශානි අබේසේකරට භාරදෙන්න – සජිත්

sajith-parliament-3983

පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ විමර්ශනයක් සිදුකරමින් සිටියදී සිරගත කරන ලද ශානි අබේසේකරට නැවත එම විමර්ශනය භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද විශ්වාසය දිනාගත් අවංක නිලධාරියෙක් බවයි ඔහු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බෙදීමක් තිබෙන්නේ සත්‍යය කුමක්දැයි කියා සොයන කණ්ඩායමක් සහ සත්‍ය සඟවන්නට උත්සාහ දරණ කණ්ඩායමක් අතර බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.