2023 වසරේ මේ දක්වා මෙරට​ට සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

tourism-srilanka

2023 වසර ආරම්භයේ සිට අගෝස්තු 10 වන දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 819,507 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2023 අගෝස්තු මාසයේ මුල් දින 10 තුළ පමණක් 51,000 ඉක්ම වූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

පසුගිය ජූලි මාසයේ දී 143,039 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2023 වසරේ තනි මාසයක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය බවයි සඳහන් වන්නේ.

64da0b1456f03