අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඇරඹේ

isurupaya

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (23) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ සිව්වන මහලේ රැස් වී සිටි ගුරුමාරු මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සිද්ධිය පිළිබඳ ව අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂණයක් සිදුකර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන ලේකම්වරයා විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී සාකච්ඡාවක් පවත්වන ලද අවස්ථාවේ දීය.

ඒ අනුව මාර්තු මස පළමු වෙනි දින වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.