බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය

Child abuse

අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පි‍‍රයන්ත ලියනගේ මහතා අද (11) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර කළේ මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි පොලිස් ක්‍රිඩා කොට්ඨාසයට අනියුක්තව රාජකාරිකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි රජයේ බැංකුවක හිටපු කළමණාකාරවරයෙකි.

මෙම සිද්ධියට අදාළව 28 වන සැකකරු වන උප පොලිස් පරික්ෂකවරයා පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අතර 29 වන සැකකරු වන බැංකු කළමණාකාරවරයා මහනුවර ප‍්‍රදේශයේ දී අද (11) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.