මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

negombo-prison
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 600 දෙනෙකු පමණක් රඳවා තැබීමට පහසුකම් ඇතත්, රැඳවියන් 2,400 කට වැඩි පිරිසක් මේ වනවිට එහි රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
එම පිරිස පාලනය සඳහා බන්ධනාගාර නියාමකවරුන් 175 දෙනෙකු අවශ්‍ය වුවත් රාජකාරි සඳහා මේවනවිට සේවය කරනු ලබන්නේ නිලධාරීන් 104 දෙනෙකු පමණකි.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ 14 ක් වෙත යන බවත්, එක් අධිකරණයක් සඳහා රැගෙන යන රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නියාමකවරුන් අවම වශයෙන් 5 දෙනෙකු යෙදවිය යුතු බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.