එජාප නායකත්වය රුවන්ට

Ruwan
එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසනවා.
අද උදෑසන රනිල් වික්‍රමසිංහ සමග එජාප පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීම කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කර ඇති බව සදහන්.
ලබන සදුදා හා අගහරුවාදා මේ පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා පවත්වා බදාදා වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳද තවමත් නිෂ්චිත එකගතාවකට පැමිණ නොමැති බවත් සදහන්