රාජිත ඇප මත නිදහස්

Rajitha
පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරිමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නියෝග කලේ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු ඇමතිවරයා මුදා හරින ලෙසයි.