මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

SC
පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(02) තීන්දු කළා.
දින 10ක් පුරා සියලු පාර්ශ්වවල කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද පස්වරු 3.00ට මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නා.
පංච පුද්ගල විනිසුරු මඩුල්ල වුයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘ,ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ය.
මෙම පෙත්සම්වලට එරෙහිව ගොනු කරන ලද මූලික විරෝධතා ද විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව ප්‍රතික්ෂේප කෙරිණි.මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව නියෝගයක් ලැබෙනු ඇතැයි පිරිසක් අපේක්ෂා කළ අතර එවැනි නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණයයෙන් නොලැබිණි.