Pillow Challenge

20200416-pillow-6
නව කොරෝනා වෛරසය නිසා මිනිස්සුන්ට නිවෙස් තුළට වී සිටීමට බොහෝ රජයන් මේ වන විට නිවේදනය කර තියෙනවා. මේකත් එක්ක මේ දවස් වල බොහෝ දේවල් කරළියට එකතු වෙනවා. මේ අතර සිංහල හින්දු අවුරුද්දේ අවුරුදු කුමරිය තේරීමත් ක්‍රමයට සිදු වෙන හැටි දැක ගන්න ලැබුණා. විවිධ සංගීත වැඩසටහන්, කෑම පිසීම්, නර්තන අංග විවිධ ක්‍රීඩා මෙලෙස වෙනස් වෙනස් හැඩ තල වලින් සමාජ මාධ්‍ය ඔස්සේ පත්වූ අයුරු හරි අපුරුයි. ඒවගේම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අභියෝග එල්ල වනවා.
ඒ අතර ලෝකයේ සිදුවූ අපුරු විලාසිත දැක්මක අභියෝගයක් ඇස ගැටෙනවා. මේක Pillow Challenge නමින් තමයි ප්‍රසිද්ධ වන්නේ.
නිවෙස්වලට වී සිටින ජනතාවගේ අලස බව අඩු කිරීමේ අරමුණින් මෙවන් අමුතු අභියෝග බොහෝමයක් හුවමාරු වන බව මේවාන් විනෝදාස්වාදය වගේම මානසික ආතතිය නැති කරන්නත් හොද දේවල්. Pillow Challenge නමින් හඳුන්වා තිබෙන මෙයත් විනෝදජනක අභියෝගයක්. ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකි මෙම අභියෝගයට සහභාගී විය යුත්තේ කොට්ටයක් භාවිතා කරමින්..
ජර්මනියේ රූපලාවන්‍ය හා විලාසිතා බ්ලොග් කරුවෙකු වන කට්ජා ද නිරෝධායනයට ලක් වීමෙන් පසුව මෙම අභියෝගයට මුලින් එකතු වුණා. ඇය රටා සහිත කොට්ටයක් ඇඳ ගෙන ඉණ වටා පටියක් බැඳගෙන මෙම අභියෝගයට මුහුණ දී සිටින අයුරු දැක්වෙන ඡායාරූප මේ වන විටත් බොහෝ දෙනා අතර හුවමාරු වෙමින් තිබෙනවා. බොහෝ දෙනා එම විලාසිතාව ගැන අදහස් පළ කිරීම හා හුවමාරු කිරීම නිසා මෙය බෙහෙවින්ම ව්‍යාප්ත වෙලා..
ප්‍රකට විලාසිතා ශිල්පිනියක වන ඉතාලියේ රමෝනාද නිරෝධායනයේ යෙදී සිටියදී මිතුරෙකු විසින් අභියෝගයට ලක් කළ පසුව සරල සුදු කොට්ටයක් උපයෝගී කරගනිමින් මෙම අභියෝගයට සහභාගි වෙලා. ඇය කළු බඳ පටියක් සහ උස සපත්තු යුවලක් මගින් දැඩි ආකර්ෂණයක් අත්කර ගෙන තිබුණා
මේ වනවිට ට්සවිටර්මා ෆේස්ජ බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් මාධ්‍ය තුළ Pillow Challenge නමින් මෙය ප්‍රකට වී තිබෙන අතර වැඩි වශයෙන් කාන්තාවන් ඊට දායකවී ඇති අයුරු හඳුනාගන්නට ලැබේ. මේ කාලය සැබවින්ම සියල්ල අභියෝගයකට ලක් කරමින් අලුත් මාවත් පෙන්නුවා කිවුවොත් නිවැරදියි
AshWaru
20200416-pillow-120200416-pillow-7