කුණුවී ඕජස් රසට බංකොලොත් වූ නිර්මාණයට උද්දාමයක්

84570082_129067828602088_7751323926600351744_n
මෙය කියවා මට වෛර නොකර යථාර්තය තේරුම් ගෙන නිවැරදි මාවතකට පෙළ ගැහෙමු.
ජාතියට කුණු රසය ලබා දීමේ වරදින් ගැලවෙන්න කලාකරුවන්ට නම් හැකියාවක් නැත. භාෂාව, සාහිත්‍ය සහ ලේඛණ ටෙළිය සිනමානාත්මක හැකියාව නහුතෙට දබයට ඔවුන්ට තිබුණත් අදාල සමාජයට ගැලපෙන ආකාරයට තමන්ගෙ නිර්මාණ බිහි කරන්න තමාට නැති හැකියාව මගින්, සමාජය කෙසේ වෙතත් තමන්ටවත් තේරුම් ගත නොහැකි අවර ගණයේ බාල නිර්මාණ බිහි කරන්නේය.
සියල්ල හමුවේ දෝෂාරෝපණයකි. “අපි ඉංදියාවේ නාට්‍ය ටික බලනවා. උබලා පරගැතියන්ගේ හිවල් කමට ලොබ බදිනවා”. ඔව් අහිංසක අපි ඉන්දියන් නාටක සහ දුප්පත් කෙටිකතා ටික සිල්ලර ගීත වෙතට යොමු වෙනවා තමයි. මහා යයි ප්‍රවීණ කුලේ ලේබල් වූවන් මහා අමතක කර මිනිස් හදවත් තේරුම් ගත්තා නම්, රස විදින්න හැකි නිර්මාණයක් බිහි කළා නම් එය එසේ නොවනු ඇත.
82023739_129067765268761_3893334390071099392_n
සුළුතරයක් සතපා බහුතරයක් නිර්වින්දය කර ලබන ආතල් එක හරියට මෙලෝ මගුලක් නොතේරෙන ආඛ්‍යාන වලින් ලියපු පොත්ක් වගේ නොවන්නේද ? සත්‍ය වන්නේ නිර්මාණකරුවා ඔවුන්ගේ නොහැකියාව තේරුම් නොගැනීමය. ඇයි බැරි තමන්ගේ බුද්ධිය අත්දැකීම් සාක්‍ෂරතාවය යොදවා අපංභ්‍රංස ලිහිල් කිරීමට. බොහෝවුන් දන්නේ “කලාකරු” කියන ලේබලය අලවාගෙන ගැනීමට පමණි. මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි. වැගිරෙන දුගඳ ඕජස් රස බලන, මැස්සන් කැලක් බවට අප මහා ජනයා ලෙස පත්ව සිටීයි.
මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් සේ වරදවා වටහා ගත් නිර්මාණකරුවන් ප්‍රමෝදයට පත්ව ඉවක් බවක් නැතිව කෑ ගසන්නට පටන් ගෙන ඇත. සමාජයට විහිලු සපයන විකාර රූපී මෙවලම් බහුතර විනෝදයක් ලබා දෙද්දී, likes සහ views මිනුම් දණ්ඩ ලෙස ගත්විට ඕනෑම කුණුගොඩක් සඳහා වටිනාකමක් ඇති වෙද්දී, හරය හෝ ඉහළ රස වින්දනය තව දුරටත් නිර්නායකයන් බවට පත් වෙද්දී, පහත් රුචිකත්වය ඕපපාතික වෙද්දී නොසරුප් කථා සමාජයට මුදා හැරෙද්දී කුණු රසය සමාජගත වෙද්දී, සියල්ලට පටහැනිව නැගී සිටින්නක් දුටුවෙමි.
83904328_126464358862435_2917627556834312192_n
” සංසාරාරන්‍යය අසබඩ”
එක වක්‍යකින් කියනවා නම් “එය වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රූ ගත කරන තැනට යන නිර්මාණ අවකාශයට වෙනස් කෝණයක් ලබා දී තිබේ”.
අපේ සමාජය අනුගමනය කරණ පුරුෂාර්ථ ලොව ම්ලේච්චම ශිෂ්ඨාචාරයක් ඇති ගෝත්‍රික සමාජයකටත් වඩා අන්ත පහත් තත්වයට පත් වී ඇත .
මේ ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට නිර්මාණාත්මක සමාජය සහ මාධ්‍යය ආරක්ෂණයක් ඇති කර ගත යුතුය. මෙවන් වූ අධ්‍යකෂවරුන් ඔවුන්ට විරිය සපයන නිෂ්පාදකවරුන් ඉදිරියට පැමිණිය යුතුය. ඒ ස්වර්ණමය සලකුණ සංසාරාරන්‍යය අසබඩ සලකුණු කරමින් සිටියි.
බලමු. විදිමු. හොද නරක කියමු.
AshWau