සපුමල් කුමරු ඉපදුන, දරුපල ලබා දෙන කෝට්ටේ සස්කෘතික මංගල්‍ය

Kataragama4
119 වන වරට පැවැත්වෙන ඓතිහාසික ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර මංගල්යයේ මහා පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව අද 7 වනදා රාති්ර 8.27 ට යෙදෙන සුබ මොහොතින් මංගල හස්ථි රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීථි සංචාරය කෙරේ
ඉපැරණි ඉතිහාසයට හිමිකම් කියන කොළඹ පුරවරයේ මුදුන් මල්කඩ බඳු ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා පෙරහැර හෙළ සංස්කෘතික කලා මංගල්‍යක් ලෙස එදා සිට අදටත් ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ අගනුවරදී උත්කර්ෂවත් අන්දමින් පැවැත් වෙනවා. රටේ සංස්කෘතික දායාදයක් වන මෙය නුවර උතුම් ශ්‍රී දළදා මාලිගා පෙරහැර සේම දේශීය උරුමය මොනවට කියා පාන්නා වූ විශේෂාංග රැසකින් යුක්තයි.
colombo-navam-perahera-705x294
ක්‍රි. වර්ෂ 1415 සිට 1467 දක්වා වූ කාලය අතරතුර ශ්‍රී ලංකාවේ රජ කළ හයවැනි පැරකුම්බා රජතුමා විසින් සිය රාජධානිය ලෙස කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර තෝරාගෙන සිය මාලිගයට ආසන්නව තම ආගමික කටයුතු ඉටුකර ගැනීමට හා වන්දනාමාන කිරීම සඳහා කෝට්ටේ රජමහා විහාරය ඉදිකොට මහා සංඝරත්නය වඩා හිඳුවා සිව්පසයෙන් සංග්‍රහ කරමින් ඇප උපස්ථාන කළ බව ඉතිහාසයේ සඳහන්.
සිංහල සාහිතයේ ස්වර්ණමය යුගය කෝට්ටේ යුගයයි. ඒ අනුව එදවස විහාරස්ථානයේ තනවන ලද විශේෂිත අලංකාර තෙමහල් මන්දිරයක දළදා සමිඳුන් වැඩ සිටි බැවින් ඉපැරණි ඉතිහාසයකට හිමිකම් කියන විහාරස්ථානයක් ලෙස කෝට්ටේ රජමහා විහාරය හැඳින්වේ.
z_p01-kotte
හයවන පරාක්‍රමබාහු රජතුමාගේ බිසව වූ උඩුකුලේ දේවියට දරුවන් නොලැබීම නිසා රජතුමා පුත් කුමරකුගේ දෙමව්පියන් වීමට තමනට අවස්ථාව ලදහොත් වර්ෂයක් පාසා ඇසළ මහා පූජෝපහාර පෙරහැර පවත්වන බවට වුන බාරය ඉෂ්ඨවීමෙන් රජතුමාට හා දේවියට සපුමල් බණ්ඩාර නමින් කුමරකු ඉපදුන බව ඉතිහාස කතාවේ සදහන් වෙනවා. අදටත් පෙරහැර කාලය තුළ විහාරස්ථානයේ සපුමල් බණ්ඩාර දෙවොල වෙත එන දරුවන් නොමැති මවුවරු දරුවන් පතා එයට බාර වෙනවා. පුත් කුමරකු වෙනුවෙන් වූ බාරයක් ඔප්පුකිරීමට පටන්ගත් පෙරහැරක් බැවින් ඒ සඳහා කාන්තා පක්ෂය සහභාගි කර නොගැනීමද මෙම ඓතිහාසික දළදා පෙරහැරේ විශේෂත්වයක්.
කෝට්ටේ ඓතිහාසික රජමහා විහාරස්ථ වාර්ෂික ඇසළ පෙරහැර වර්ෂ 1415 දී හයවැනි පැරකුම්බා රජතුමා විසින් අලි ඇතුන් 500 ක් යොදා උඩරට පහතරට නැටුම්කරුවන් විශාල පිරිසක් සහභාගි කරගනිමින් ඉතා අලංකාරව පවත්වා ඇති අතර වර්තමාන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය වර්ෂ 1901 දී පූජ්ය ඇඹුල්ගම විමලතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කර මේ දක්වා එදා සිට පැවති පුදසිරිත්වලට මූලිකත්වය දෙමින් සංස්කෘතික වටිනාකමින් නොඅඩුව අතිඋත්කර්ෂවත් අයුරින් .
ක්‍රි. ර්ෂ 1505 යුගයේදී ලංකාවට පෘතුගීසීන් පැමිණීමෙන් පසු සයවැනි පරාක්‍රමභාහු රජුට අයත්ව තිබූ කෝට්ටේ රාජධානියට ඉතා අශුභ කාලයක් උදා වෙමින් රාජධානිය මුළු මනින්ම විනාශ වන්නේ වර්ෂ 1550 සිට 1597 දක්වා රජ කළ දොන් ජුවන් ධර්මපාල රජුගේ පාලන සමයේදී. ඒ රජුගේ දුර්වල අදක්ෂ පාලනය පෘතුගීසින්අගේ තකොලුවක් විමෙන් රජු රෝමානු කතෝලික ආගම වැළඳගන්නට සලස්වා දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතිස්ම කරවා එමගින් කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ බෞද්ධ වෙහෙර විහාර හා සඟසතු සියලු දේපළ කතෝලික පල්ලිය භාරයට දුන් නිසාය..
ක්‍රි. වර්ෂ 1813 දී පිලානේ ධර්ම කීර්ති ශ්‍රී බුද්ධ රක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුල්කෝට්ටේ නගරයට පැමිණ ගම්වාසීන්ගේ සහයත් මගපෙන්වීමත් මත කැලෑව කපමින් පැමිණ කැලෑවෙන් වැසී නටඹුන්ව තිබූ කෝට්ටේ රජමහ විහාරයේ චෛතය සොයා ගෙන වර්ෂ 1813 – 1817 කාලය තුළ සියලු විහාරාරාංග වලින් සමන්විතව නැවත විහාරස්ථානය ගොඩනැගුවා.
උන්වහන්සේගෙන් පසුව පූජ්ය මලිගස්පේ මංගල නායක ස්වාමීන් වහන්සේ (1831 – 1872) සිට මේ දක්වා ඓතිහාසික රජමහා වෙහෙරේ දියුණුවට දිවිහිමියෙන් කැපවෙමින් එදා රජ දවස සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍ර පුදසිරිත් හා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන උපසම්පදා විනයකර්මය ඇසළ පෙරහැර මංගල්‍ය, කඨින පූජෝත්සවය ආදී පුණ්ය කර්මයන් ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යයි.
සෑම වර්ෂයක අගෝස්තු සැප්තැම්බර් යන මාස දෙක ඇතුළත පැරණි චාරිත්‍ර වලට අනුකූලව යොදා ගන්නා ශුභ නැකැත්වලට අනුව යෙදෙන විශේෂ කෙම්මුර දිනයක කප්සිටුවා තේවාවන් සිදු කෙරෙනවා. ඉන්පසු එළඹෙන ප්‍රථම කෙම්මුර දිනයේ (සෙනසුරාදා දිනක) පෙරහැර මංගලය ද ඉන්පසු යෙදෙන ඉරිදා, සඳුදා අඟහරුවාදා යන තෙදින තුළ විහාරස්ථානය ඇතුළත පමණක් ගමන් කරන බුද්ධ පූජා කටයුතු හා දේවාලවලට පහන් තැබීමේ තේවාව ඉටුකරන විශේෂ මල් පෙරහැර 3 ක් පැවැත්වෙනවා. නැවත උදාවන පළමුවෙනි කෙම්මුර දිනය වන බදාදා දිනයෙහි දේව ආභරණ පාවඩ මතින් ගමන් කරන පාවඩ පෙරහැර විහාරස්ථානයෙන් පිටතට ගමන් කරන ප්රථම පෙරහැර වන අතර බ්‍රහස්පතින්දා දීනයෙහි වීථි පෙරහැර සිකුරාදා දින රන්දෝලි පෙරහැරද පවත්වා හත්වන දිනය වන සෙනසුරාදා (කෙම්මුර දින) ඇසල පෙරහැර මංගලය අවසන් වෙනවා.
මෙම පෙරහැර පැවැත්වෙන දින නවය තුළ දින වෙනස් වුවද දවස් වෙනස් වෙන්නේ නැහැ.
අවසාන අංගය ලෙස ඉරිදා ඇතුල්කෝට්ටේ දියවන්නා ඔයේදී සිදු කෙරෙන දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු ඇතුල්කෝට්ටේ පැරකුම්බා පිරිවෙනට පිළිගන්වනු ලබන දේව දානය පිළිගැනීමෙන් පසු නැවත රජමහා විහාරයට පෙරහැරින් පැමිණ සධාතුක කරඬුව හා දියකැපීමේදී ලබාගත් විශේෂිත පැන් කළය දළදා මාලිගාවේ තැන්පත් කරනු ලැබෙන අතර දේව ආභරණ ඒවා අයත් දේවාලවල තැන්පත් කොට නැටුම් ඉදිරිපත් කර යාතිකා පවත්වා රටවාසී සැමට සෙත් ප්‍රර්ථනා කරනවා.
ඉපැරණි හෙළ උරුමයන් ආරක්ෂා කර ගනිමින් රටවැසි සියලු ඔබ අපිට දෙතක් ශාන්තියක් වේවායි අපිද ප්‍රර්ථනා කර ගමු !!
BY: අශන්ති වරුනසුරිය