ඇමරිකානු ෆෙඩරල් ලැයිස්තුවට වැටෙන්න ප්‍රමාද විය හැකියි – ඇමරිකානු තානාපතිනි ඇලයිනා

america1

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකානු පුරවැසිකම් අත්හළ අය පිලිබදව දක්වා තිබෙන අගෝස්තු ලැයිස්තුවේ සටහන් නොවීම සම්බන්ධයෙන් මේ වන විට කථාබහක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියා සිටියේ ෆෙඩරල් ලේඛනය කෙනෙකුගේ පුරවැසිභාවය අත්හැරීමට මාස ගණනක් පිටුපසින් සිටිය හැකි බවයි.

ඒ අනුව ඔහුගේ නම ඇතැම්විට පසු ලේඛනයක සදහන් විය හැකි බවද ඇය කියා සිටියා.

 නමුත් මෙම ප්‍රකාශය ඇය සිදු කළේ නිල වශයෙන් නොවන බවද ඒ සමගම දන්වා තිබෙනවා.

ඇය දක්වා සිටින්නේ  පුරවැසිභාවය අත්හැරීම පරිපාලන ක්‍රියාවලියක් බවත් පුරවැසිභාවය අත්හරින්නට ඉල්ලන අයට එය ලබාදීම හෝ නොදීම හෝ ප්‍රමාදවීම ගැන දන්නේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පමණක් බවයි.

 තවද කෙනෙකුගේ නමක් සම්බන්ධයෙන් කාරණා රහස්‍ය වන නිසා පුද්ගලික පැහැදිලි කිරීමක් කිරීමට ඔවුන් බැඳී නොසිටින බවද තානාපතිවරිය සදහන් කර තිබෙනවා.