ජනනාත් වරකාගොඩ රක්ෂිත බන්ධනාගාරයට….

Jannanath

කලා ශිල්පී  විජේරත්න වරකාගොඩගේ පුත්‍ ප්‍රකට බෙර වාදන ශිල්පී ජනනාත් වරකාගොඩ පදවමින් සිටි වාහනයක කහ ඉරි මත ගමන් කළ කාන්තාවක හැප්පී ඇය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කඩවත කිරිල්ලවලදී අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගියේ 68 එච්.කේ ප්‍රීති සොබින් ද සිල්වා නමැති 68 හැවිරිදි සුරියපාලුව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සංගීතවේදී ජනනාත් රංග වරකාගොඩ ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ජනනාත් පැදවූ බෙන්ස් වර්ගයේ රථය අද උදෑසන 5.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේදී මෙම කාන්තාව හප්පා තිබුණි.

ඇය රාගම රෝහලට ඇතුළත් කරනු පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.