gaja
මධ්‍යම බෙංගාල බොක්ක pro ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය මේවනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙම කුණාටුව කන්කසන්තුරේ සිට km 1040ක් පමණ ඊසාන  දිශාවෙන් ස්ථානගත වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගජා ලෙසින් නම් කර ඇති මෙම කුණාටුව ඉදිරි පැය 24 තුළ බස්නාහිරට බරව වයඹ දෙසින් ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවතමේන්තුව සඳහන් කළේ.
එමනිසා බෙංගාල බොක්ක අවට මුහුදු බඩ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු වලින් වැළකෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.